මාලදිවයිනේ හිටපු ජනපති අබ්දුල්ලා යමීන්ට වසර පහක සිර දඬුවමක් නියම වී ඇතැයි වාර්තා වේ.
මුදල් විශුද්ධිකරණය සම්බන්ධ චෝදනාවකට වරදකරු වීම හේතුවෙන් ඔහුට මෙම දඬුවම නියම වී තිබේ.
පසුගිය වසරේ මැතිවරණයෙන් අනපේක්ෂිත ලෙස පරාජයට පත්වූ යමීන් මහතාට ඔහුගේ ධූර කාලය තුළදී සිදුකරන ලදැයි පැවසෙන ගනුදෙනු සම්බන්ධ පරීක්ෂණ ගණනාවකට මුහුණ දීමට සිදුවිය.
පංච පුද්ගල විනිසුරු මඩුල්ල යමීන් මහතා වරදකරු බවට ඒකමතිකව තීරණය කර ඇත.
සිරදඬුවම සමඟ ඇමරිකානු ඩොලර් මිලියන පහක දඬයක් ද ඔහුට නියම කෙරිණි.
ඔහුගේ ආධාරකරුවන් විශාල පිරිසක් උසාවි භූමියෙන් පිටත රැස්වී යමීන් මහතා නිර්දෝශී යැයි පවසමින් විරෝධතා පැවැත්වූහ.
යමීන් මහතා ද අධිකරණය හමුවේ පවසා ඇත්තේ තමා නිර්දෝශී බවයි.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙන්න නඩුකාරයෝ. මේ දෙන්නෙක් මෙහෙට ගෙනාවානම් ඔක්කොම කූඩුවේ.
මාල දිවයින ලංකාවට ඉහලින්