මෙක්සිකෝවේ උතුරු දිග ඇමෙරිකානු දේශසීමාව ආසන්නයේ ඇතිවූ ගැටුම් වලින් සැකකටයුතු තුවක්කුකරුවන් 10 දෙනකු සහ පොලිස් නිලධාරීන් සිව් දෙනකු ඝාතනය වී ඇතැයි වාර්තා වේ.
පැයකට අධික කාලයක් තිස්සේ පැවති සටන් හේතුවෙන් පොලිසියේ 6 දෙනකු ද තුවාල ලබා ඇත.
මෙම සැකකටයුතු කණ්ඩායම් ත්‍රස්තවාදීන් බවට ඇමරිකානු ජනාධිපතිවරයා විසින් ප්‍රකාශ කිරීම හේතුවෙන් ද්වීපාර්ශවික නොසන්සුන්තාවයන් වර්ධනය වූ බව මාධ්‍ය සඳහන් කර ඇත.
කෙසේවෙතත් මේ සම්බන්දව අදහස් දක්වමින් මෙක්සිකෝ ජනාධිපති ඇන්ඩ්‍රෙස් මැනුවෙල් ලෝපෙස් පවසා ඇත්තේ මෙක්සිකෝවේ අපරාධ කල්ලි සමඟ කටයුතු කිරීම සඳහා කිසිදු විදේශීය මැදිහත් වීමක් බාර නොගන්නා බවයි.
මෙක්සිකෝව විසින් මෙම ගැටලුව විසඳාගනු ඇති බවද හෙතෙම සඳහන් කළේය.
මීට වසරකට පෙර ඇන්ඩ්‍රෙස් මැනුවෙල් මහතා බලයට පත්වූයේ දශකයකට වැඩි කාලයක් තිස්සේ පැවති ප්‍රචණ්ඩත්වයෙන් රට මුදා ගැනීමට පොරොන්දු වෙමිනි.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
මෙක්සිකෝවේ ගැටුම් වලින් 13දෙනකු මරුට