නවසීලන්තයේ ගිනි අවි පාලන නීති දැඩි කිරීමට එරෙහිව ගිනිඅවි හිමිකරුවන් 50 දෙනෙකුගේ පමණ සහභාගිත්වයෙන් අද විරෝධතාවක් පැවැත්වුණි.

ගිනි අවි පාලනය කිරීම සඳහා එරට ආග්‍රාමාත්‍ය ජසින්ඩා ආඩන් මහත්මිය ගෙන ඇති පියවර ජාත්‍යන්තර ප්‍රශංසාවට ලක්වී තිබේ.

කෙසේ වුවත් ලබන වසරේ නවසීලන්ත මහ මැතිවරණය පැවැත්වීමට නියමිත අතර අග්‍රාමාත්‍යවරිය පසුගිය සැප්තැම්බර් මාසයේ හඳුන්වා දුන් නීති ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ගිනි අවි අලෙවිකරුවන් ඇතුළු පාර්ශ්ව ගණනාවක විරෝධතා එල්ල විය.

පසුගිය මාර්තු මාසයේ පුද්ගලයින් 51 දෙනෙකුට මරු කැඳවමින් නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් දේවස්ථානයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු එරට ගිනි අවි පාලනය සම්බන්ධයෙන් කතිකාවක් ගොඩනැගුණි.

ඒ අනුව සියලුම වර්ගයේ අර්ධ ස්වයංක්‍රිය ගිනි අවි අලෙවිය සහ භාවිතය තහනම් කිරීමටද එරට අග්‍රාමාත්‍යවරිය පියවර ගත්තාය.



-226
(රොයිටර් ඇසුරෙනි)