රුසියාවේ නැගෙනහිර ප්‍රදේශයේ මාර්ගයක ගමන්කරමින් තිබූ බස් රථයක් ක්වෙන්ගා ගඟට ඇද වැටීම හේතුවෙන් එහි ගමන්ගත් මගීන් 15දෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ.
අනතුර සිදුවන අවස්ථාවේ රථයේ මගී 43දෙනකු පමණ සිට ඇති බව පොලිසිය පවසයි.
ස්ට්‍රෙටෙන්ස් නගරයේ සිට චිටා නගරය දක්වා ගමන් කරමින් තිබූ බස් රථයක් මෙලෙස අනතුරට ලක්වී ඇත.
රථය පාරෙන් ඉවතට පැන පාලමක් මතින් ගඟට වැටී ඇත. අනතුරට හේතුව අනාවරණය වී නොමැති බව ද පොලිසිය පවසයි.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd