පිලිපීනය හරහා හමා ගිය දරුණු සුළි කුණාටුවක් හේතුවෙන් එක් අයෙකු මියගොස් ඇති අතර බොහෝ අලාභහානි සිදුවී ඇතැයි වාර්තා වේ.
කම්මුරි ලෙස හඳුන්වා ඇති කුණාටුව මෙම වසරේ පිලිපීනයට බලපෑ 20වන සුළි කුණාටුව වේ.
කාලගුණ අංශ සඳහන් කරන්නේ පැයට කිලෝමීටර් 150ක වේගයෙන් සුළං හමා ගිය බවයි.
කුණාටුව පැමිණීමට පෙර 225000ක පමණ පිරිසක් ඉවත් කිරීමට ප්‍රාදේශීය බලධාරීහු ක්‍රියා කළහ. මේ හේතුවෙන් අනතුරු අවම කරගැනීමට හැකිවූ බව ආපදා කාර්යාංශය පවසයි.
අගනුවර මැනිලාහි සියලුම ගුවන් ගමන් අත්හිටුවා ඇති අතර රජයේ කාර්යාල හා පාසැල් වසා දමා ඇත.
පිලිපිනයේ පැවැත්වෙන අග්නිදිග ආසියානු ක්‍රීඩා උළෙල් තරඟ කිහිපයක් කල් දැමීමට ද සිදුවූ බව සංවිධායකයෝ පවසති. දෙසැම්බර් 11වන දින දක්වා මෙම තරඟාවලිය පැවැත්වේ.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)
2025 නොවැම්බර් මස 04
762
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2405
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1760
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කම්මුරි සුළි කුණාටුවෙන් පිලිපීනයට හානි
Samudra Wednesday, 04 December 2019 09:27 AM
කම්මුරි නෙවෙයි "කම්මුතු" කියල නම දාන්න තිබ්බේ.