පිලිපීනය හරහා හමා ගිය දරුණු සුළි කුණාටුවක් හේතුවෙන් එක් අයෙකු මියගොස් ඇති අතර බොහෝ අලාභහානි සිදුවී ඇතැයි වාර්තා වේ.
කම්මුරි ලෙස හඳුන්වා ඇති කුණාටුව මෙම වසරේ පිලිපීනයට බලපෑ 20වන සුළි කුණාටුව වේ.
කාලගුණ අංශ සඳහන් කරන්නේ පැයට කිලෝමීටර් 150ක වේගයෙන් සුළං හමා ගිය බවයි.
කුණාටුව පැමිණීමට පෙර 225000ක පමණ පිරිසක් ඉවත් කිරීමට ප්‍රාදේශීය බලධාරීහු ක්‍රියා කළහ. මේ හේතුවෙන් අනතුරු අවම කරගැනීමට හැකිවූ බව ආපදා කාර්යාංශය පවසයි.
අගනුවර මැනිලාහි සියලුම ගුවන් ගමන් අත්හිටුවා ඇති අතර රජයේ කාර්යාල හා පාසැල් වසා දමා ඇත.
පිලිපිනයේ පැවැත්වෙන අග්නිදිග ආසියානු ක්‍රීඩා උළෙල් තරඟ කිහිපයක් කල් දැමීමට ද සිදුවූ බව සංවිධායකයෝ පවසති. දෙසැම්බර් 11වන දින දක්වා මෙම තරඟාවලිය පැවැත්වේ.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කම්මුරි නෙවෙයි "කම්මුතු" කියල නම දාන්න තිබ්බේ.