IMG-LOGO

2025 ජුනි මස 09 වන සඳුදා


ට්‍රක් රථයේ තිබූ හමු වූ සංක්‍රමණිකයන්ගේ සිරුරු 16ක් වියට්නාමයට

පසුගිය මාසයේ බ්‍රිතාන්‍යයට අනවසරයෙන් ඇතුළුවීමට තැත්කළැයි ආරක්ෂක අංශ බාරයට ගත් ට්‍රක් රථයේ තිබී හමුවූ මළ සිරුරු 39යෙන්, 16ක් වියට්නාමයට යැවූ බව බ්‍රිතාන්‍ය විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

මෙම සිරුරු අද(27) අලුයම හැනෝයිහි නොයිබා ගුවන්තොටුපළට රැගෙන ආ බවත්, නගේ අන්, හා ටින් සහ ක්වාං බින් යන පළාත්වල වෙසෙන මිය ගිය පිරිසකගේ ඥාතීන්ගේ නිවෙස්වලට ගෙන ගිය බවත් වියට්නාම බලධාරීහු පවසති.

ඉතිරි මළ සිරුරු ගෙන්වා ගැනීම සඳහා බ්‍රිතාන්‍ය නිලධාරීන් හා සම්බන්ධීකරණ කටයුතු අඛණ්ඩව සිදුකරන බවද ඔවුහු සඳහන් කරති.

මෙම සංක්‍රමණිකයන් ප්‍රවාහනය කළ ට්‍රක් රථ රියදුරු, මොරිස් රොබින්සන් පසුගියදා ලන්ඩන් අධිකරණයේදී වරද පිළිගෙන ප්‍රකාශයක් නිකුත් කර තිබිණි. 
 
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)



අදහස් (0)

ට්‍රක් රථයේ තිබූ හමු වූ සංක්‍රමණිකයන්ගේ සිරුරු 16ක් වියට්නාමයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 604 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 348 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 491 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site