කෙන්යාවේ සෝමාලියානු දේශසීමාව ආසන්නයේදී ඉස්ලාම් සටන්කාමීන් විසින් බස් රථයකට පහර දීමෙන් පුද්ගලයන් 8 දෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ.

පොලිසිය පවසන්නේ කොටුලෝ නම් ප්‍රදේශයේදී බස් රථයට මෙම ප්‍රහාරය එල්ලවී ඇති බවයි.

මගින්ට බස් රථයෙන් බිමට බැසීමට අණ කිරීමෙන් පසු වෙඩිතබා ඇති බව ප්‍රාදේශීය මාධ්‍ය සඳහන් කරයි.
අල් ශබාබ් සංවිධානය මෙම ප්‍රහාරයට සම්බන්ද බවට විශ්වාස කරන බවද පොලිසිය පවසයි.

(රොයිටර් පුවත් ඇසුරිණි - 085)