පිලිපීනයේ දකුණු ප්‍රදේශ හරහා හමා ගිය කම්මුරි සුළි කුණාටුව හේතුවෙන් මියගිය සංඛ්‍යාව 10ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ආපදා අංශ පවසයි.

මධ්‍යම බයිකොල් පළාතේ පස්දෙනකු මියගොස් ඇති අතර එයින් තිදෙනකු මියගොස් ඇත්තේ දියේ ගිලීම හේතුවෙනි.

ආරක්ෂිත ස්ථානවල 345000ක පමණ පිරිසක් තවමත් රැඳී සිටින බව බලධාරීහු පවසති.

කුණාටුව බදාදා (04) රාත්‍රීයේ පිලිපීනයෙන් ඉවත්ව යාමට නියමිත අතර එය දකුණු චීන මුහුද දෙසට ගමන් කරමින් පවතින බව සඳහන් වේ.

(රොයිටර් පුවත් ඇසුරිණි - 085)