උගන්ඩාවේ ඇති වූ ගංවතුර තත්ත්වයක් හේතුවෙන් 16 දෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ.

සති කිහිපයක සිට පැවති අධික වර්ෂාව හේතුවෙන් මෙම ගංවතුර තත්ත්වය ඇතිවූ බව කාළගුණ අංශ සඳහන් කරයි.

මාර්ග ගණනාවක් ජලයෙන් යටවී ඇති අතර නායයෑම් සහ වතුරේ ගසාගෙන යාම හේතුවෙන් මරණ සිදුවී ඇති බව රතු කුරුස සංවිධානය පවසයි.

ගංවතුරෙන් බලපෑමට ලක්වූ ප්‍රදේශයන්හි හදිසි ගලවා ගැනීමේ මෙහෙයුම් සිදුවෙමින් පවතින බව වාර්තා වේ.

උගන්ඩාවේ නැගෙනහිර ප්‍රදේශවල පසුගිය සතියේ ඇතිවූ නායයෑම් හේතුවෙන් බොහෝ දෙනෙක් මියගියහ.

(බීබීසී ඇසුරිණි - 085)