හයිද්‍රාබාද් හි පශු වෛද්‍යවරියක දූෂණය කර මරා දැමූ බවට සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයන් සිව්දෙනා අපරාධය සිදු වූස්ථානයට රැගෙන යාමෙන් පසු ඇති වූ ගැටුම්කාරී තත්ත්වයක් අතරතුර පොලිස් නිලධාරීන්ගේ වෙඩි පහරින් සැකරුවන් මිය ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
පොලීසිය මෙම සැකකරුවන් අද (06) අලුයම අපරාධය සිදුවූ ස්ථානයට ගෙන තිබේ. එහිදී ඔවුන් රැගෙන ගිය පොලිස් නිලධාරීන්ගේ තුවක්කු පැහැරගෙන පලායෑමට තැත් කිරීමේදී ඇති වූ ගැටුම්කාරීත්වයත් සමඟ මෙලෙස වෙඩි තැබීමට සිදු වූ බව ඉන්දීය පොලිසිය සඳහන් කර ඇත.
මෙම සිද්ධියෙන් පොලිස් නිලධාරීන් දෙදෙනකු ද තුවාල ලබා තිබේ.
විසිහත් හැවිරිදි පශු වෛද්‍යවරියගේ පිළිස්සුණ දේහය පසුගිය බ්‍රහස්පතින්දා (28) සොයා ගන්නා ලද අතර සැකකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට පොලිසිය පමාකිරීම සම්බන්දව ජනතා විරෝධය එල්ල වී තිබිණි. හයිද්‍රාබාද් පොලිසිය ඉදිරිපිටට රැස්වූ දහස් ගණන් පිරිස් වැරදිකරුවන්ට මරණීය දණ්ඩය දෙන ලෙස ඉල්ලා උද්ඝෝෂණ කළහ.
වෛද්‍යවරියගේ අතුරුදන් වීම සම්බන්ධව දැනුම් දුන් විට පොලිසිය ක්ෂණික ප්‍රතිචාර නොදැක්වූ බවට ඥාතීන් විසින් චෝදනා කිරීමෙන් පසු පොලිස් නිලධාරීන් තිදෙනකුගේ වැඩ තහනම් කිරීමට බලධාරීන් කටයුතු කර තිබිණි.
එරට සංඛ්‍යා ලේඛන වලට අනුව 2017 වර්ෂයේදී ඉන්දියාවේ ස්ත්‍රී දුෂණ 33658ක් වාර්තා වී ඇති අතර එය සාමාන්‍යයෙන් දිනකට ස්ත්‍රී දුෂණ 92ක් පමණ වේ.
(බී.බී.සී ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශ්රී ලංකාවේ නව ජනාධිපතිගෙන්ඉන්දියාවද අපරාධ මර්දනයේ එකම මාර්ගය අපෙන් ඉගෙනගෙන ඇත.
ප්‍රණාමය!! ස්ත්‍රී දූෂකයින්ට දෙන්න ඕනේ ප්‍රතිකර්මය හරියට දීලා තියනවා. මේ ප්‍රතිකර්මය අඩුම ගානේ තව දෙතුන් දෙනෙකුටවත් දුන්නොත් නියමෙටම ඔය මානසික රෝග වසංගතය ඒ රටින් තුරන්වේවි... වායු දූෂණය වගේ මේ රටටත් ඕක බලපාන්න පුළුවන්...