මෙම වසරේදී ලොව වැඩිම මාධ්‍යවේදීන් සංඛ්‍යාවක් සිරගත කර ඇති රට චීනය බව නවතම වාර්තාවකින් හෙළි වී ඇත.

ඒ අනුව චීනය මෙම වසරේදී අවම වශයෙන් ජනමාධ්‍යවේදීන් 48 දෙනෙකු සිරගත කර ඇතැයි ජනමාධ්‍යවේදීන් සුරැකීමේ කමිටුව නමැති සංවිධානය අද එළිදැක්වූ වාර්තාවේ සඳහන් වෙයි.

එම වාර්තාව අනුව ලොව පුරා ජනමාධ්‍යවේදීන් 250 දෙනෙකු මෙම වසරේ සිරගත කර ඇත. පසුගිය වසරේ එම සංඛ්‍යාව 255 ක් විය.

පසුගිය වසරේ චීනයෙන් වාර්තා වූ සිරගත කළ මාධ්‍යවේදීන් සංඛ්‍යාව 47 කි.

තුර්කිය මෙම වසරේදී මාධ්‍යවේදීන් 47 දෙනෙකු සිරගත කර තිබේ. සෞදි අරාබිය සහ ඊජිප්තුව මාධ්‍යවේදීන් 26 දෙනා බැගින් සිරගත කර ඇත.  රුසියාවේ මාධ්‍යවේදීහු 7 ක් ද ඉරානයේ මාධ්‍යවේදීහු එකොළොස්දෙනෙක් ද  සිරගතව සිටිති.

මෙම මාධ්‍යවේදීන්ගේ නම්, ඔවුන්ගේ මාධ්‍ය ආයතන සහ ඔවුන් සිරගත කළ දින ද මෙම වාර්තාවේ ඇතුළත් කර ඇත.

ජනාමාධ්‍ය වෘත්තියේ නියැලීමේදී ලොව වඩාත්ම පීඩාකාරී ස්ථානය තුර්කිය ලෙස ද මෙම වාර්තාවේ නම් කර තිබේ.

 
(රොයිටර් ඇසුරෙනි)
 
226