IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


මාධ්‍යවේදීන් වැඩිම පිරිසක් සිරගත කළ රට චීනයයි

මෙම වසරේදී ලොව වැඩිම මාධ්‍යවේදීන් සංඛ්‍යාවක් සිරගත කර ඇති රට චීනය බව නවතම වාර්තාවකින් හෙළි වී ඇත.

ඒ අනුව චීනය මෙම වසරේදී අවම වශයෙන් ජනමාධ්‍යවේදීන් 48 දෙනෙකු සිරගත කර ඇතැයි ජනමාධ්‍යවේදීන් සුරැකීමේ කමිටුව නමැති සංවිධානය අද එළිදැක්වූ වාර්තාවේ සඳහන් වෙයි.

එම වාර්තාව අනුව ලොව පුරා ජනමාධ්‍යවේදීන් 250 දෙනෙකු මෙම වසරේ සිරගත කර ඇත. පසුගිය වසරේ එම සංඛ්‍යාව 255 ක් විය.

පසුගිය වසරේ චීනයෙන් වාර්තා වූ සිරගත කළ මාධ්‍යවේදීන් සංඛ්‍යාව 47 කි.

තුර්කිය මෙම වසරේදී මාධ්‍යවේදීන් 47 දෙනෙකු සිරගත කර තිබේ. සෞදි අරාබිය සහ ඊජිප්තුව මාධ්‍යවේදීන් 26 දෙනා බැගින් සිරගත කර ඇත.  රුසියාවේ මාධ්‍යවේදීහු 7 ක් ද ඉරානයේ මාධ්‍යවේදීහු එකොළොස්දෙනෙක් ද  සිරගතව සිටිති.

මෙම මාධ්‍යවේදීන්ගේ නම්, ඔවුන්ගේ මාධ්‍ය ආයතන සහ ඔවුන් සිරගත කළ දින ද මෙම වාර්තාවේ ඇතුළත් කර ඇත.

ජනාමාධ්‍ය වෘත්තියේ නියැලීමේදී ලොව වඩාත්ම පීඩාකාරී ස්ථානය තුර්කිය ලෙස ද මෙම වාර්තාවේ නම් කර තිබේ.

 
(රොයිටර් ඇසුරෙනි)
 
226



අදහස් (0)

මාධ්‍යවේදීන් වැඩිම පිරිසක් සිරගත කළ රට චීනයයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 762 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2405 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1760 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site