ඇමෙරිකාවේ සත්තුවත්තක සිංහයන්ගේ කුටියට ඇතුළු වූ කතක් අත්අඩංගුවට ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවර, බ්‍රොන්ක්ස්හි පිහිටි සත්වෝද්‍යානයේ සිංහයන් සිටින කුටියට ඇතුළු වී සිංහයකු ඉදිරියේ නර්ථනයක යෙදුණු කාන්තාවක් නිව්යෝර්ක් පොලිස් දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ. 08 November 2019
හවායිහී ගෙවත්තක වූ ලාවා වළකට වැටී අයෙක් මරුට ගිනිකඳු පිපිරීම් හේතුවෙන් පොළවේ අභ්‍යන්තරයේ වූ ලාවා ගලායන උමං මාර්ගයකට වැටී හවායි දුපතෙහි පුද්ගලයකු මිය ගොස් ඇතැයි වාර්තා වේ. 08 November 2019
ධීවරයන් 16 දෙනා ඝාතනයට උතුරු කොරියානුවන් දෙදෙනා අත්අඩංගුවට ධීවරයන් 16 දෙනකු ඝාතනය කළ බවට සැකකරන උතුරු කොරියානු ධීවරයන් දෙදෙනකු දකුණු කොරියාවට පලා යෑමට තැත් කිරීමේදී අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන් නැවත උතුරු කොරියාවට බාරදුන් බව දකුණු කොරියා බලධාරීහු පවසති. 07 November 2019
කොලොම්බියා ආරක්ෂක ඇමැති ඉල්ලා අස්වෙයි කෙළොම්බියානු ආරක්ෂක ඇමති ගිලර්මෝ බොටේරෝ සිය අමාත්‍ය පදවියෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව නිවේදනය කර ඇත. 07 November 2019
චීනයේ ළමුන්ට රාත්රියේදී වීඩියෝ ක්‍රීඩා තහනම් මානසික සහ ශාරීරික සෞඛ්‍යයට හානි පමුණුවන වීඩියෝ ක්‍රීඩා සඳහා දරුවන් ඇබ්බැහි වීම වළකාලීම සඳහා ක්‍රීඩා කිරීමට තහනම් කාල සීමාවක් පැනවීමට චීන රජය තීරණය කර තිබේ. 07 November 2019
චීන උපාධි උත්සවයකට සිසුහු කළු ආවරණ පැළඳ එති චීනයේ හොංකොං නගරයේ විශ්වවිද්‍යාලයක පැවති උපාධි ප්‍රදානෝත්සවයකට පැමිණ සිටි 1000ක පමණ සිසු සිසුවියන් කළු මුහුණු ආවරණ පැළඳ විරෝධය පළ කළ බව වාර්තා වේ. 07 November 2019
බර්කිනා ෆාසෝහි පතල් කම්කරුවන් 37 කට වෙඩි බටහිර අප්‍රිකානු රටක් වන බර්කිනා ෆාසෝහි නැගෙනහිර රන් පතල් කම්කරුවන් පිරිසක් ගමන් කරමින් සිටි රථ පෙළකට එල්ල වූ ප්‍රහාරයකින් 37දෙනෙකු මියගොස් 60 දෙනකුට වැඩි පිරිසක් තුවාල ලබා ඇතැයි වාර්තා වේ. 07 November 2019
මියගිය අයි.එස්. නායකයාගේ බිරිඳ අල්ලාගනී අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් සංවිධානයේ නායක අබු බකර් අල් බැග්ඩෑඩිගේ බිරිඳ අල්ලාගත් බව තුර්කි ජනාධිපතිවරයා අද (6) පස්වරුවේ පැවැසීය. 06 November 2019
විද්‍යාඥයින් 11000 ක් දේශගුණ වෙනස්වීම් පිළිබඳ හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත්කරති දේශගුණ වෙනස්වීම් පිළිබඳ හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත්කරමින් ලොව පුරා ජාතීන් 153 කට අයත් විද්‍යාඥයින් 11000 කට අධික සංඛ්‍යාවක් ප්රකාශනයකට අත්සත් තබා ඇත. 06 November 2019
ටජිකිස්ථානයට එල්ල වූ අයිඑස් ප්‍රහාරයකින් 17 ක් මරුට ටජිකිස්ථානයේ උස්බැකිස්ථාන දේශසීමාව ආසන්නයේ මුරපොළකට අයි.එස් සටන්කාමීන් එල්ල කළ ප්‍රහාරයකින් 17 දෙනකු මියගොස් ඇතැයි බලධාරීහු පවසති. 06 November 2019
තායිලන්තයේ ආරක්ෂක මුරපොළකට එල්ල වූ ප්‍රහාරයකින් 15 ක් මරුට තායිලන්තයේ දකුණු දිග යාලේ පළාතේ ආරක්ෂක මුරපොළකට එල්ල කරන ලද ප්‍රහාරයකින් 15 දෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ. 06 November 2019
ජීවත්ව සිටියදී අවමංගල්‍යයක අත්දැකීම් ලබාදෙන සේවාවක් සජීවී අවමංගල්‍ය අත්දැකීමක් ලබා දීම තුළින් ජීවිත යහපත් කිරීම අරමුණු කර ගත් සේවාවක් දකුණු කොරියාවේ පවත්වාගෙන යනු ලබයි. 06 November 2019
ඉන්දියාවේ පිදුරු ගිනි තැබීම නවත්වන්නැයි නියෝගයක් ඉන්දියාවේ නවදිල්ලි අගනුවර සහ ඒ අවට නගර හා ප්‍රදේශවල පිදුරු ගිනි තැබීම සම්පූර්ණයෙන් නවත්වන්නැයි එරට ශ්‍රේෂ්ඨාධිකරණය අද (5) නියෝග කළේය. 05 November 2019
මියගිය අයි.එස්. නායකයාගේ සහෝදරිය අත්අඩංගුවට අමෙරිකානු මෙහෙයුමකදී මරණයට පත්වූ අයි එස් සංවිධානයේ නායක අබු බකර් අල් බග්දාදිගේ සහෝදරිය සිරියාවේ කඳවුරකදී අත්අඩංගුවට ගත් බව තුර්කි ආරක්ෂක අංශ පවසයි. 05 November 2019
ඇමෙරිකාව පැරිස් ගිවිසුමෙන් ඉවත්වෙන්න සැලසුම් හදයි පැරිස් ගිවිසුමෙන් ඇමරිකාව ඉවත් කරගැනීම සඳහා ලේඛන සකස් කළ බව ට්‍රම්ප් පරිපාලනය පවසයි. 05 November 2019
මෙක්සිකෝවේ එකම පවුලේ නවදෙනෙකු ඝාතනය කරලා තුවක්කුකරුවකු මෙක්සිකෝවේ ඇමෙරිකානු දේශසීමාව ආසන්නයේ දී එකම පවුලක සමාජිකයින් නවදෙනකු ඝාතනය කර ඇතැයි වාර්තා වේ. 05 November 2019
විස දුම මැද ඉන්දියාවේ ජනතාව වැඩ අරඹයි “දෑස දැවෙන” විස දුම මධ්‍යයේ ඉන්දියාවේ අගනුවර වෙසෙන මිලියන ගණනාවක් ජනතාව අද (4) සිය සතියේ කටයුතු ආරම්භ කළහ. 04 November 2019
කැලිෆෝනියාවේ එළු රංචු ජාතික පුස්තකාලයක් ගින්නෙන් බේරති ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ පිහිටා ඇති රොනල්ඩ් රීගන් පුස්තකාල ගොඩනැගිල්ල මේ දිනවල කැලිෆෝනියාවේ ව්‍යාප්තවෙමින් පවතින ලැව්ගිනිවලින් බේරාගැනීමට 500ක පමණ එළුවන් රංචුවක් සමත් වී ඇත. 04 November 2019
කැලිෆෝනියාවේ ලැව්ගිනි නිවීමට දෙන මුදල් ට්‍රම්ප් කපාහරී කැලිෆෝනියා ප්‍රාන්තයේ පැතිර යන ලැව්ගිනි නිවීම සඳහා මධ්‍යම රජයෙන් ලබාදෙන මුදල් කපාහරින බවට ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ප්‍රාන්ත ආණ්ඩුකාරවරයාට තර්ජනය කර තිබේ. 04 November 2019
ප්‍රංශයේ බස් අනතුරකින් ලාංකිකයෙක් ඇතුළු 33 කට තුවාල ප්‍රංශයේ උතුරු දිග අමින්ස් නගරය ආසන්නයේදී බස්රථයක් අනතුරට ලක්වීමෙන් එහි ගමන්ගත් ශ්‍රී ලාංකිකයෙකු ඇතුළු 33දෙනකු තුවාල ලබා ඇත. 04 November 2019
කිනිතුල්ලන් සපාකෑමෙන් මිනිස් මොළයට හානිකරන රෝගයක් ආසියාවට සතුන්ගේ ශරීරයේ සිටින කිනිතුල්ලන් සපාකෑම හේතුවෙන් මිනිසාගේ මොළයට හානිකරන රෝගී වෛරසයක් ව්‍යාප්ත වෙමින් පවතින බව ඇමෙරිකාව කළ අධ්‍යයනයකින් පළමු වරට හඳුනාගෙන තිබේ. 04 November 2019
නවදිල්ලිය විස දුමෙන් වැසී යයි ඉන්දියාවේ නවදිල්ලි අගනුවර අද (3) විස දුමකින් වැසී ගිය අතර පසුගිය වසරවලට සාපේක්ෂව නවදිල්ලි අගනුවර වායූ දූෂණය වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇතැයි වාර්තා වේ. 03 November 2019
වායු දූෂණයෙන් ගැලැවීමට නවදිල්ලියේ සිසුන්ට මුඛ ආවරණ මිලියන 5ක් ඉන්දියාවේ නවදිල්ලි නුවර පවතින වායු දූෂණය හේතුවෙන්, පාසල් සිසුන්ගේ සෞඛ්‍ය සම්බන්ධයෙන් අවධානය යොමුකරමින් මිලියන 5ක් පමණ මුඛ ආවරණ ඔවුන්ට නිකුත් කිරීමට ඉන්දීය රජය පියවර ගෙන තිබේ. 03 November 2019
බැංකොක් නුවර ආරක්ෂාව තරකෙරේ තායිලන්තයේ බැංකොක් නුවර පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර සමුළු දෙකක් හේතුවෙන් නගරයේ ආරක්ෂාව තරකර ඇතැයි වාර්තා වේ. 01 November 2019
ඉන්දියාව - ජර්මනිය අතර ගිවිසුමක් අත්සන් කරයි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සහ ජර්මන් චාන්සලර් ඇන්ජෙලා මාර්කල් අද (1) නව දිල්ලියේ දී උපාය මාර්ගික සහයෝගිතාව පුළුල් කරගැනීම සඳහා ගිවිසුමක් අත්සන් කර ඇත. 01 November 2019
ඉන්දියාව හා ජර්මනිය අතර ගිවිසුමක් අත්සන් කරයි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සහ ජර්මන් චාන්සලර් ඇන්ජෙලා මාර්කල් අද (1) නව දිල්ලියේ දී උපාය මාර්ගික සහයෝගිතාව පුළුල් කරගැනීම සඳහා ගිවිසුමක් අත්සන් කර ඇත. 01 November 2019
අනන්‍යතාව සඟවන වීදි සිත්තර ‘බැන්ස්කි’ගේ ඡායාරූප නිකුත් කෙරේ සිය අනන්‍යතාව සඟවා ගනිමින් නිර්මාණකරනයේ යෙදෙන ලෝක ප්‍රකට වීදි සිතුවම් ශිල්පියකු වන බැන්ස්කි, සිතුවම්කරණයේ නියැළෙන ඡායාරූප නිකුතුවක් ඔහුගේ නියෝජිතයා වන ස්ටීව් ලසාරිඩෙස් මහතා පළ කර තිබේ. 01 November 2019
අමෙරිකාව ලෙබනනයට දෙන ඩොලර් මිලියන 105ක ආධාර අත්හිටුවයි ලෙබනනයට ලබාදෙන ඩොලර් මිලියන 105 ක ආරක්ෂක ආධාර අත්හිටුවීමට අමෙරිකානු රජය තීරණය කර ඇත. 01 November 2019
දකුණු කොරියාවේ හෙලිකොප්ටරයක් කඩා වැටී7 ක් අතුරුදන් දකුණු කොරියාවේ ඩොක්ඩෝ කොදෙව් දූපත ආසන්න මුහුදට කඩාවැටුණු හෙලිකොප්ටරයක සිටි මගීන් හත්දෙනකු සොයා මෙහෙයුම් ආරම්භ කර ඇති බව එරට බලධාරීහු පවසති. 01 November 2019
චීන ජාතිකයින් 800ක් මොන්ගෝලියාවේදී අත්අඩංගුවට මොන්ගෝලියාවේ අගනුවර වන උලාන්බතාර්හි පොලිසිය විසින් සයිබර් අපරාධ ජාලයකට සම්බන්ද බවට සැකපිට චීන ජාතිකයින් 800දෙනකු අත්අඩංගුවට ගෙන ඇත. 01 November 2019
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026