ඇමෙරිකා එක්සත් ජනපදය එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් පෙනී යන්නේ ඔවුන් “ත්‍රස්තවාදයට සහාය දක්වන බව” යැයි ඉරානය අද (30) ප්‍රකාශ කළේය.
ඇමෙරිකාව ගුවන් ප්‍රහාර එල්ල කර ඇත්තේ ඉස්ලාමික් ස්ටේට් සංවිධානයට එරෙහිව සටන් වදින පිරිස්වලට යැයි ද ඉරානය චෝදනා කළේය.
“මේ ප්‍රහාරවලින් ඇමෙරිකාව ත්‍රස්තවාදයට සහය දක්වන බව නැවත වරක් පෙන්වා දී තිබෙනවා. එමෙන්ම ඔවුන් රටවල නිදහස සහ ස්වෛරීත්වය නොසලකා හරින බව මෙම ප්‍රහාරවලින් පෙනී යනවා. ඔවුන්ගේ මේ නීතිවිරෝධී ක්‍රියාවල ප්‍රතිවිපාක පිළිගත යුතු” යැයි ඉරාන රජයේ ප්‍රකාශක අබ්බාස් මුසාවි මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.
(ඒ.එෆ්.පී. ඇසුරිනි)
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd