ඇෆ්ගනිස්තානයේ හෙල්මන්ඞ් පළාතේ හමුදා කඳවුරකට තලේබාන් සංවිධානය එල්ල කළ ප්‍රහාරයකින් හමුදා සාමාජිකයන් 10 දෙනකු මියගිය බව එරට බලධාරීහු සෙනසුරාදා ප්‍රකාශ කළහ.
තලේබාන් සාමාජිකයන් හමුදා කඳවුරට උමඟක් හාරා එය පුපුරුව හැර ඉන් අනතුරුව හමුදා සාමාජිකයන්ට වෙඩි තබා ඇත. හෙල්මන්ඞ් පළාතේ සන්ගින් දිස්ත්‍රික්කයේ පිහිටි හමුදා කඳවුරකට මෙම ප්‍රහාරය එල්ල වී තිබේ.
“ප්‍රහාරය එල්ල වන අවස්ථාවේදී කඳවුරේ සෙබළුන් 18 දෙනෙකු සිටියා. මේ හමුදා සාමාජිකයන් සන්ගින් හි සිවිල් වැසියන්ට ආරක්ෂාව සපයමින් සිටියා. ප්‍රහාරයෙන් තවත් සෙබළුන් සිව් දෙනකු තුවාල ලැබුවා. සෙබළුන් හතරදෙනකු නිර්භීතව ප්‍රහාරය වැළැක්වූවා” යැයි ඇෆ්ගන් හමුදාවේ ප්‍රකාශකයෙක් කීය.
හමුදා කඳවුර තුළ ප්‍රබල පිපිරීමක් සිදුව ඇති බවත් ඉන් සොල්දාදුවන් මියගොස් ඇති බවත් හෙල්මන්ඞ් පළාතේ ප්‍රකාශක ඕමාර් සවාක් ද පැවැසීය. ප්‍රහාරයේ වගකීම බාරගනිමින් තලේබාන් සංවිධානයේ ප්‍රකාශක ෂබිහුලා මුජහිද් ද මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබිණි.
ඇෆ්ගනිස්තානයේ ප්‍රචණ්ඩ ක්‍රියා නැවැත්වීම සඳහා ඇමෙරිකාව සහ තලේබාන් සංවිධානය අතර සාකච්ඡා පැවැත්වෙමින් තිබෙන මොහොතකදී මෙම ප්‍රහාරය එල්ල විය. පසුගිය කාලයේදී ඇෆ්ගන් හමුදා මෙන්ම එරට සිටින ජාත්‍යන්තර හමුදා විශේෂයෙන් ඇමෙරිකානු සෙබළුන් ඉලක්ක කරගනිමින් තලේබාන් සංවිධානය ප්‍රහාර මාලාවක් එල්ල කළේය.
මේ අතර උතුරු ඇෆ්ගනිස්තානයේ බල්ක් පළාතේ කඳවුරකට එල්ල වූ ප්‍රහාරයකින් පසුගිය අඟහරුවාදා ඇෆ්ගන් සොල්දාදුවන් 7 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූහ.
ඒ.එෆ්.පී.
055
2025 නොවැම්බර් මස 04
760
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2405
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1760
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
තලේබාන් ප්‍රහාරයකින් හමුදාවේ 10 ක් මරුට