IMG-LOGO

2025 ජුනි මස 09 වන සඳුදා


ඉරාන හිතවාදී සටන්කාමීන්ට ඇමෙරිකාවෙන් ගුවන් ප්‍රහාර

ඉරාකයේ සිටින ඇමෙරිකානු හිතවාදී කණ්ඩායමක් ඉලක්ක කරගනිමින් එල්ල කරන ලද ප්‍රහාරයකින් සටන්කාමීන් 25 දෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ.

මෙම සිදුවීමත් සමඟ ඇමෙරිකාව සහ ඉරානය අතර මතභේදාත්මක තත්ත්වය තවත් උග්‍ර අතට හැරී ඇතැයි තිබෙන අතර ඉරිදා රාත්‍රියේදී ඇමෙරිකානු හමුදා ඉරානයේ සහාය ලබන හිස්බුල්ලා සටන්කාමීන් ඉලක්ක කරගනිමින් ගුවන් ප්‍රහාර එල්ල කළේය.

හිස්බුල්ලා බ්‍රිගේඩයේ සටන්කාමීන් යනු ඉරානයේ සහාය ලබන හෂීද් අල් ෂාබී කණ්ඩායමේ උග්‍ර අන්තවාදී කණ්ඩායමකි.

ගුවන් ප්‍රහාරයෙන් 25 දෙනකු මියගොස් 51 දෙනකු තුවාල ලැබූ බවත් මියගිය ගණන තවදුරටත් ඉහළ යා හැකි බවත් හෂීද් සංවිධානයේ ආරංචි මාර්ගවලින් කියැවිණි. හෂීද් සංවිධානයේ ඉරාකයේ විශාල භූමි ප්‍රදේශයක් පාලනය කරයි.

සිරියාවට මායිම් වන ඉරාකයේ අල්කයිම් දිස්ත්‍රික්කයේ කඳවුරකට මෙම ගුවන් ප්‍රහාර එල්ල වී තිබෙන අතර සුන්බුන් අතරින් තුවාල ලැබූවන් මුදා ගනිමින් සිටින බව ද එම සංවිධානය සඳහන් කළේය. ගුවන් ප්‍රහාරවලින් සංවිධානයේ අණ දෙන නිලධාරීන් ද මියගොස් ඇතැයි වාර්තා විය.

ඒ.එෆ්.පී. 

055

 



අදහස් (0)

ඉරාන හිතවාදී සටන්කාමීන්ට ඇමෙරිකාවෙන් ගුවන් ප්‍රහාර

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 592 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 342 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 486 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site