පසුගිය වසරේදී තායිලන්තයේ උතුරු දිග ගුහාවක සිරවූ ළමුන් පිරිසක් බේරා ගැනීමේ දැවැන්ත මෙහෙයුමට සහභාගී වූ තායි නාවික හමුදා භටයෙකු එම මෙහෙයුමේදී සිදුවූ ආසාදනයක් හේතුවෙන් මියගොස් ඇතැයි වාර්තා වේ.

බේයිරැට් බුරේරාක් නම් මොහු රුධිරයේ අතිවූ ආසාදනයක් හේතුවෙන් පීඩා විඳි බවත් ප්‍රතිකාර ලබාදුන්නද සුවය නොලැබූ බවත් තායි නාවුක හමුදාව පවසයි.

එම මෙහෙයුම අවස්ථාවේ තායි නාවුක කිමිදුම්කරුවකුද මියගියේය.

2018 වසරේ ජුනි 23දින තායිලන්තයේ චියැං රායි පළාතේ ගුහාවක් ගවේෂණය කිරීමට ගිය පාපන්දු කණ්ඩායමක සාමාජිකයන් 12දෙනකු සහ ඔවුන්ගේ පුහුණුකරු ගුහාවේ සිරවුණු අතර දින නවයකට පසු ගලවා ගනු ලැබීය.

(රොයිටර් පුවත් ඇසුරිණි - 085)