IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


ගුවන් ප්‍රහාර හේතුවෙන් සිරියාවේ 230000 පිරිසක් පලායති

ගුවන් ප්‍රහාර සහ ෂෙල් වෙඩි ප්‍රහාර හේතුවෙන් මෙම මාසය තුළ සිරියාවේ වයඹ දිග පෙදෙස් වලින් 230000 ක පමණ පිරිසක් පලාගොස් ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

දෙසැම්බර් මස 12 ත් 25 ත් අතර කාලයේ මෙම පලායෑම් සිදුව ඇත.

ඉඩ්ලිබ් නගරයෙන්, රුසියානු තුර්කි දේශ සීමාව අසල කඳවුරු වලින් මාරට් අල් නුමාන් නගරයෙන් සහ ඉඩ්ලිබ් පළාතේ දකුණු දිග නගර සහ ගම්මාන වලින් මොවුන් පලාගොස් තිබේ.

මාරටි අල් නුමාන් නගරය සහ ඒ අවට ගම්මාන හිස් වී ඇති බව බලධාරීහු පවසති.

සිරියානු රජය සහ රුසියාව ඒකාබද්ධව මෙම ප්‍රහාර එල්ල කරන අතර ඇමරිකාව මෙම ක්‍රියාව දැඩි ලෙස හෙළාදැක තිබේ.

රුසියාව, සිරියාව හා ඉරානය එක්ව ඉඩ්ලිබ් පළාතේ අහිංසක සිවිල් වැසියන් ඝාතනය කිරීම නවත්වන ලෙස ඇරිකානු ජනාධිපතිවරයා ඉල්ලා ඇත.

සිරියානු හමුදාව පවසන්නේ ඉඩ්ලිබ්හි ත්‍රස්තවාදී පාලනය අවසන් කිරීම සඳහා මෙම ප්‍රහාර එල්ල කරන බවයි.

(රොයිටර් පුවත් ඇසුරිණි - 085)

 



අදහස් (0)

ගුවන් ප්‍රහාර හේතුවෙන් සිරියාවේ 230000 පිරිසක් පලායති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 760 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2405 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1760 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site