ඇෆ්ගනිස්තානය, බංග්ලාදේශය සහ පාකිස්තානය යන රටවල සංක්‍රමණිකයන් රැගෙන ගමන් කරමින් තිබූ බෝට්ටුවක් පෙරළී යාමෙන් හත් දෙනකු මියගියහ.
තුර්කියේ ලේක් වෑන් ජලාශයේ දී මෙම බෝට්ටුව පෙරළී ගොස් තිබෙන අතර එහි සිටි 64 දෙනකු මුදා ගැනීමට සහන සේවකයන් සමත්ව තිබේ.
‘ලේක් වෑන්’ ජලාශයේ උතුරු දෙසට වන්නට පිහිටි බිට්ලිස් දිස්ත්‍රික්කයට සේන්දු වෙද්දී බෝට්ටුව පෙරළී ගිලී ගොස් ඇති බවත් එරට වේලාවෙන් අලුයම තුනට පමණ මෙම අනනුර සිදු වී ඇති බවත් තුර්කි බලධාරිහු කීහ.
මෙම ජලාශය ඉරානයට මායිම් වන අතර මේ ඔස්සේ සංක්‍රමණිකයන් බොහෝ පිරිසක් තුර්කියට පැමිණේ.
අනතුර සිදු වූ අවස්ථාවේදීම පස්දෙනකු මියගොස් ඇති අතර තවත් දෙදෙනකු රෝහල් ගත කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව තිබේ. බේරාගත් 64 දෙනා ද ප්‍රතිකාර සඳහා රෝහල් ගත කළ බව තුර්කි බලධාරීහු සඳහන් කළහ.
රොයිටර්ස්
055
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
සංක්‍රමණිකයන් රැගත් බෝට්ටුවක් පෙරළී 7 ක් මරුට