හොන්ඩ්‍යුරාස් රාජ්‍යයේ අත්ලාන්තික් වරාය නගරය වන ටෙලාහි බන්ධනාගාරයක සිදවූ වෙඩි තැබීමකින් රැඳවියන් තිදෙනකු මියගොස් ඇතැයි එරට ආරක්ෂක අංශ පවසයි.
කණ්ඩායම් දෙකක් අතර ඇතිවූ ආරවුලක් හේතුවෙන් මෙම මරණ සිදුව ඇති බව පොලිස් නිලධාරියෙකු පවසා ඇත.
කෙසේවුවද හොන්ඩ්‍යුරාස් පුවත්පත් වාර්තා කර ඇත්තේ බන්ධනාගාරය තුළ හතරදෙනකු මියගොස් ඇති බවත් එම සංඛ්‍යාව ඉහළ යා හැකි බවත්ය.
මෑත කාලයේ බන්ධනාගාර තුළ උත්සන්න වෙමින් පැවති ප්‍රචණ්ඩත්වය මැඩපැවැත්වීම සඳහා රජය විසින් එහි පාලනය ආරක්ෂක අංශ වෙත මාරු කළ අතර බන්ධනාගාර පද්ධතිය තුළ හදිසි තත්ත්වයක් ද ප්‍රකාශයට පත්කළේය.
මාරාස් ලෙස හැඳින්වෙන වීදි කල්ලි විසින් බන්ධනාගාර තුළ කලබල ඇති කරන බව මාධ්‍ය සඳහන් කර තිබේ.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
වෙඩි තැබීමකින් රැඳවියන් තිදෙනකු මරුට