පිලිපීනයේ පොල් වලින් නිපදවන ලද වයින් වර්ගයක් විෂවීම හේතුවෙන් පුද්ගයින් 11 දෙනකු මියගොස් 300 ක් රෝහල් ගතකර ඇතැයි වාර්තා වේ.

මැනිලා නගරයට දකුණින් පිහිටි ලගුනා සහ ක්විසෝන් යන පළාත් දෙකෙන් මෙම මරණ වාර්තා වන අතර නත්තල් උත්සව සැමරුම් අවස්ථාවලදී මෙම වයින් පානය කර ඇති බව සඳහන් වේ.

දේශීයව නිපදවන ජනප්‍රිය පානයක් වන මෙය ලැම්බනොග් ලෙස හැඳින්වේ.

ලියාපදිංචි නොකළ නීතිවිරෝධීව වයින් නිෂ්පාදනය කරන ආයතන වලට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කරන බවත් සිද්ධිය සම්බන්ධව පරීක්ෂණ ආරම්භ කර ඇති බවත් පෙලිසිය පවසයි.

පසුගිය වසරේ ලැම්බනොග් පානය කිරීම හේතුවෙන් පුද්ගලයන් 21 දෙනකු මියගොස් ඇත.

(රොයිටර් පුවත් ඇසුරිණි - 085)