IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


නව තක්කාලි විශේෂයක් ඇමරිකාවේ පර්යේෂකයෝ සොයාගනිති

මිදි මෙන් එක පොදියට සෑදෙන නගරවල වැවිය හැකි නව තක්කාලි වර්ගයක් සංවර්ධනය කිරීමට ඇමෙරිකා එක්සත් ජනපදයේ පර්යේෂකයෝ පිරිසක් සමත්ව සිටිති.  

ක්‍රිස්පර් (සී.ආර්.අයි.එස්.පී.ආර්.) නමැති ජාන සංස්කරණ ක්‍රමවේදය යොදාගනිමින් මෙම නව තක්කාලි විශේෂය සංවර්ධනය කර ඇති අතර දින 40කින් අස්වනු නෙළාගත හැකි බව ද එම පර්යේෂකයෝ පිරිස පෙන්වාදෙති.  

සාමාන්‍යයෙන් තක්කාලි වැල් වශයෙන් සෑදෙන අතර මෙම නව වර්ගය එක පොකුරකට සෑදේ.

සාමාන්‍යයෙන් තක්කාලි වගා කළ නොහැකි නාගරික පරිසරවල පැළ කළ හැකි බවත් උස් ගොඩනැගිලි සහ අභ්‍යාවකාශ යානාවලද වගා කළ හැකි බව පර්යේෂකයෝ පවසති.

මෙම නව තක්කාලි විශේෂයත් සමඟ සාමාන්‍යයෙන් තක්කාලි වගා කිරීමට යන ඉඩ සහ ඒ සඳහා භාවිත කිරීමට සිදුවන පොහොර ප්‍රමාණය අඩු කිරීමට හැකිවනු ඇතැයි ද ප්‍රවාහන වියදම් මෙන්ම සාමාන්‍ය තක්කාලි වගා කිරීමේදී වායුගෝලයට නිකුත් වන කාබන්ඩයොක්සයිඞ් ප්‍රමාණය අඩු කරගැනීමට හැකි වනු ඇතැයිද පර්යේෂක කණ්ඩායම විශ්වාස කරයි.

ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝක් නුවර ‘කෝල්ඞ් ස්ප්‍රින්ග් හාබර් ලැබෝරටරි’ පර්යේෂණ ආයතනයේ ජීව විද්‍යාඥ මහාචාර්ය සැක් ලිප්මන්ගේ ප්‍රධානත්වයෙන් මෙම පර්යේෂණය සිදු කර තිබේ.

මෙම නව තක්කාලි විශේෂය වත්ත පිටුපස හෝ කෘෂිකාර්මික ඉඩමක සාමාන්‍යයෙන් වැඩෙන තක්කාලි හා සමාන බවත් මෙම නව තක්කාලි විශේෂයේ තිබෙන සුවිශේෂීම ලක්ෂණය එය එක පොදියට වැඩීම බවත් මහාචාර්ය ලිප්මන් පවසයි.  

මෙම තක්කාලි ඉක්මනින් පැසෙන අතර ඉක්මනින්ම ආහාරයට ගත හැකි බව ද දින 40කින් අස්වනු නෙළා ගත හැකි බව පර්යේෂක කණ්ඩායම සඳහන් කරයි.

“මේ තක්කාලි වර්ගය ඉතාම හොඳයි. ප්‍රමාණයෙන් ක-ුඩා වුවත් රස ඉතාම ඉහළයි. හැඩයත් හොඳයි. කොහොම වුණත් එක එක්කෙනාගේ කැමැත්ත වෙනස් නේ” යැයි ද මහාචාර්ය ලිප්මන් කියයි.

‘අලුත් විදියට බෝග නිපදවන්නේ කොහාමද කියලා මේ සොයාගැනීමෙන් පෙන්වා දී තිබෙනවා. ඒ වගේම ඉඩම් විශාල වශයෙන් භාවිත නොකර අධික පොහොර භාවිත කරන්නේ නැතිව ගංඟා හා දිය පහර දූෂණය නොකර වගා කරන්නේ කොහොමද කියලා මෙයින් පෙන්වා දෙනවා” යැයි ද ඔහු පවසයි.  

මෙය කාබන් වායු විමෝචනය අඩු කරමින් ජනතාවගේ ආහාර අවශ්‍යතාව සම්පූර්ණ කළ හැකි ක්‍රමවේදයක් බව ද ඔහු කියයි.  
ජාන වර්ග දෙකක් භාවිත කරමින් පර්යේෂණ කණ්ඩායම මෙම නව තක්කාල වර්ගය සංවර්ධනය කර තිබේ.

මෙම නව සොයාගැනීමත් සමඟ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ දැවන්ත වෙනස් සිදු කිරීමට අවස්ථාව ලැබෙනු ඇතැයි ද මහාචාර්ය ලිප්මන් විශ්වාස කරයි.

නාසා ආයතනයේ විද්‍යාඥයන් ද මෙම නව තක්කාලි විශේෂය සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇතැයි ද මහාචාර්යවරයා කියයි.

වන නාශනය, වෙනස්වන කාලගුණ රටා සහ බෝග වගා කිරීමට සුදුසු ජීව්‍ය ඉඩම් අවභාවිත කිරීම යනාදිය නිසා විනාශ වෙමින් තිබෙන ඉඩම්වල මේ වනවිටත් මිලියන 500කට වැඩි පිරිසක් ජීවත් වෙමින් සිටින බව එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ අන්තර්රාජ්‍ය මණ්ඩලය මේ වසර මුලදී අනතුරු ඇඟවීය.

බෝග වගාව නාගරික සහ අනෙකුත් ප්‍රදේශවල සිදු කිරීමෙන් ඉඩම් අවභාවිත කිරීම අඩු කිරීමට හැකිවනු ඇතැයි ද පර්යේෂකයෝ විශ්වාස කරති.

නාගරික කෘෂිකාර්මික පද්ධතිවලදී වැඩි වශයෙන් අවධානය යොමු කරන්නේ එක පොදියට වැඩෙන ශාකවලටය. සීමිත ඉඩකඩක් තුළ වගා කරමින් උපරිම අස්වැන්නක් නෙළා ගැනීම එහි අරමුණය. එමෙන්ම කෙටි කාලයක් තුළ වැඩි අස්වැන්නක් නෙළා ගැනීමද නාගරික කෘෂිකාර්මික පද්ධතිවල ප්‍රමුඛ අරමුණකි.

ඬේලිමේල් ඇසුරිනි

055

 



අදහස් (3)

නව තක්කාලි විශේෂයක් ඇමරිකාවේ පර්යේෂකයෝ සොයාගනිති

ravi Sunday, 29 December 2019 07:10 PM

ඔව්වා ඔහොම හැදුණට.. කිසිම පෝෂ්‍යදායි නොවන බවත් එයාලම සොයාගෙන තියනවා. අදත් ලෝකය හැම රටකම ස්වභාවික තක්කාලිවලට හොඳ ඉල්ලුමක් තියනවා..

:       1       1

lalithm Monday, 30 December 2019 07:39 AM

මොකක් කිව්වත් බයිලා ගහන රොත්තක්නේ ලංකාවේ ඉන්නේ... වෙන රටක වවලා මෙහෙට ඉම්පෝර්ට් කරලා දුන්නොත් වැඩි ගානට ගනීවි. වවන්න කිව්වොත් සම්ප්‍රදායික හරි පුරාණ වර්ග හොඳයි කියලා හරි අල්ලාගෙන දඟලලා ජීවත් වෙන්න ආදායම් නැහැ කියලා දඟලනවා. සිංහලකමේ හැටිද මන්දා...

:       0       2

isurandi Monday, 30 December 2019 10:54 AM

අර කිව්වත් වගේ පිටින් ගේන හැම ජරාවක්ම කන අපේ මිනිසුන්ට අඩුම තරමේ තුන්වේලටම කන පරිප්පු ටිකවත් වගාකරගන්න බැහැනේ. කවුරුහරි මොනවා හරි කළොත් එ්කට ආවඩන්න නම් අපේ මිනිස්සු හරි හපන්නු..

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 760 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2405 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1760 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site