ඉතාලියේ ඇල්ප්ස් කඳුකරයේ, හිම තට්ටුවක් කඩාවැටීමෙන් හිම මත ලිස්සායාමෙහි නිරතව සිටි ක්‍රීඩකයකු ඇතුළු පුද්ගලයන් සිව්දෙනෙකු  මියගොස් ඇත.
 
ඉතාලියේ බොල්සානෝ ප්‍රාන්තයේ, සෙනේල්ස් නිම්නභූමියේදී, ඩොලමයිට් කඳුවැටිය ආසන්නයේදී, අඩි 1500ක පමණ වන විශාල හිම තට්ටුවක සිරවී මොවුන් මියගොස් ඇතැයි නිලධාරීහු පවසති.
 
මෙම පිරිස ජර්මානු ජාතික පිරිසක් බව අනාවරණය වී ඇත. මිය ගිය පිරිස අතර, 25 හැවිරිදි මවක්, 7 හැවිරිදි ඇගේ දියණිය, 7 හැවිරිදි තවත් ගැහැනු ළමයෙක් ද වෙති.
 
හිමේ සිර වී සිටි මව සහ ගැහැණු ළමයාව බේරාගැනීමට නොහැකි වී ඇති අතර ඇගේ දියණිය බේරාගෙන රෝහල වෙත ගෙනයමින් සිටියදී මියගොස් ඇත.
 
ජර්මනියේ එෂ්වේලර් ප්‍රදේශයේ සිට පැමිණි 11 හැවිරිදි පිරිමි ළමයකු සහ ඔහුගේ පියාද හිම තට්ටුවෙහි සිරවී ඇති අතර, ඔවුන් මේවනවිට රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිති.

විපතට පත් පිරිස බේරාගැනීම සඳහා හෙලිකොප්ටර් යානා තුනක් යොදාගත් බව මුදවා ගැනීමේ ඒකකයේ ප්‍රකාශකයෙක් පැවසීය. එම ප්‍රදේශය හිම තට්ටු බහුලව කඩාවැටෙන ප්‍රදේශයක් බවද ඔහු කීය.
 
බොල්සානෝහි වූ තවත් හිම තඩාවැටීමකින් පුද්ගලයකු තුවාල ලබා තිබේ.
 
ඇල්ප්ස් කඳුකරයට හමන දැඩි සුළං හේතුවෙන් හිම තට්ටු කඩාවැටීමේ අවදානම බරපතල මට්ටමින් ඉහළ ගොස් ඇත.
 
(ඩේලි මේල් ඇසුරිනි)
16844