ඔත්තු බැලූ ඇමරිකානු ඩ්‍රෝන යානයට ඉරානය වෙඩිතබයි ඉරානයේ දකුණු දිග ගල්ෆ් කළාපයට ඉහළින් පියාසර කළ ඇමරිකානු යුද හමුදාවට අයත් ඩ්‍රෝන යානාවක් ඉරානය විසින් වෙඩි තබා ඇතැයි වාර්තා වේ. 20 June 2019
චීන ජනපති උතුරු කොරියාවේ සංචාරයක ඓතිහාසික සංචාරයක් ආරම්භ කරමින් චීන ජනාධිපති ෂී ජින්පින්ග් මහතා අද (20) උතුරු කොරියාවට පැමිණියේය. 20 June 2019
ක්‍රයිස්චර්ච් ප්‍රහාරයේ වීඩියෝ හුවමාරු කරගත් පුද්ගලයෙකුට සිරදඬුවම් නවසීලන්තයේ ක්‍රයිස්චර්ච්හි මුස්ලිම් දේවස්ථානයට එල්ල කළ ප්‍රහාරයේ සජිවි වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය ජාලා හරහා හුවමාරු කරගත් පුද්ගලයෙකුට එරට අධිකරණය විසින් මාස 21ක සිරදඬුවමක් පනවා ඇත. 19 June 2019
කශෝග්ජිගේ ඝාතනයට සල්මාන් කුමරුගේ සම්බන්ධයක් මාධ්‍යවේදී ජමාල් කශෝග්ජිගේ ඝාතනයට සෞදි අරාබියේ ඔටුන්න හිමි කුමරු සම්බන්ධ බවට විශ්වාසනීය සාක්ෂි ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානයට සම්බන්ධ ස්වාධීන විශේෂඥයෙක් අද (19) අනාවරණය කළාය. 19 June 2019
ඔපෙක් සංවිධානයේ සාමාජික රටවල හමුවක් වියානා නුවරදී ප්‍රධාන පෙළේ තෙල් අපනයන කරන රටවල් ලබන මස පළමු වැනිදා සහ දෙවැනිදා ඔස්ට්‍රේලියාවේ වියානා නුවරදී හමුවීමට නියමිත යැයි වාර්තා වේ. 19 June 2019
බංගලාදේශයේ ඉදිකිරීම් වැඩබිමක ගැටුමකින් චීන ජාතිකයෙක් මරුට බංග්ලාදේශයේ දකුණු දිග පටුවාකාලි දිස්ත්‍රික්කයේ ඉදිකිරීම් වැඩබිමක සේවය කරන චීන හා බංග්ලාදේශ ජාතිකයින් අතර ඇතිවූ ගැටුමකින් චින ජාතිකයකු මිය ගොස් බොහෝ පිරිසක් තුවාල ලබා ඇත. 19 June 2019
හින්දුකුෂ් කඳුවැටියේ හිම කඳු අතර සිරවී සිටි 6ක් බේරා ගැනේ පකිස්ථානයේ හින්දුකුෂ් කඳුවැටියේ හිම කඳු කඩාවැටීමක් හේතුවෙන් සිරවී සිටි කඳු නගින්නන් හයදෙනා බේරාගෙන ඇතැයි වාර්තා වේ. 19 June 2019
ඉන්දියාවේ එන්සෙෆලයිටීස් රෝගයෙන් දරුවන් 100 ක් මරුට ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ වසංගත තත්ත්වයෙන් පැතිරී යන එන්සෙෆලයිටීස් රෝගය හේතුවෙන් ජුනි මාසයේ දී කුඩා දරුවන් 100කට අධික සංඛ්‍යාවක් මියගොස් ඇතැයි බලධාරීහු පවසති. 19 June 2019
ට්‍රම්ප් මැතිවරණ සටන අරඹයි ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ෆ්ලෝරිඩාවේ ඊයේ (18) පැවැති මැතිවරණ රැලියකින් 2020 ජනාධිපතිවරණ සටන සඳහා සිය මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරය ආරම්භ කළේය. 19 June 2019
රතු කුරුස සංවිධානයේ ආධාර කැරැකස් නුවරට ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය වෙනිසියුලාවට ලබාදුන් දෙවැනි මානුෂීය ආධාර තොගය සඳුඳා කැරැකස් අගනුවර වෙත ළඟා විය. 18 June 2019
ඩිජිටල් මුදල් ඒකකය ‘ලිබ්රා’ එයි ලෝ ප්‍රකට සමාජ මාධ්‍ය සමාගමක් වන ෆේස්බුක් සමාගම සිය ඩිජිටල් මුදල් ඒකකය අද (18) හඳුන්වා දෙන ලදි. 18 June 2019
චීනයේ භූ කම්පනයකින් 12ක් මරුට - 134කට තුවාල නිරිත දිග චීනයේ ඇති වූ භූමි කම්පාවකින් 12 දෙනෙකු මියගොස් 134 දෙනකුට වැඩි පිරිසක් තුවාල ලබා සිටිති. 18 June 2019
නයිජීරියාවේ බෝම්බ ප්‍රහාර 3ක්: 30ක් මරුට නයිජීරියාවේ ඊසානදිග බෝර්නෝ පළාතේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර තුනකින් 30දෙනකු මියගොස් 42දෙදෙනකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ. 18 June 2019
ඊජිප්තුවේ හිටපු ජනපති අධිකරණයේදී මියයයි ඊජිප්තු හිටපු ජනපති මොහොමඩ් මෝර්සි මහතා අධිකරණ ශාලාව තුළදී මියගොස් ඇතැයි වාර්තා වේ. 18 June 2019
ඉන්දුනීසියාවේ බස් රථ අනතුරකින් 12ක් මරුට ඉන්දුනීසියාවේ බටහිර ජාවාහි බස්රථයක් අනතුරට ලක්වීමෙන් එහි ගමන්ගත් මගීන් 12දෙනෙකු මියගොස් ඇතැයි වාර්තා වේ. 17 June 2019
ඉන්ධන නැව්වලට පහරදීම ගැන සෞදියෙන් ඉරානයට චෝදනා ඕමාන ගල්ෆ් කලාපයේදී ඉන්ධන නෞකා දෙකකට ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධව සෞදි අරාබියේ ඔටුන්න හිමි කුමරු ද ඉරානයට චෝදනා එල්ල කර ඇත. 16 June 2019
නවසීලන්තයේ සැහැල්ලු ගුවන්යානා දෙකක් ගැටී නියමුවෝ මරුට නවසීලන්තයේ මාස්ටර්ටොන් නගරය ආසන්නයේ ප්‍රාදේශීය ගුවන්තොටුපළකට ගොඩබෑමට ගිය සැහැල්ලු ගුවන්යානා දෙකක් එකිනෙක ගැටීමෙන් ගුවන් නියමුවන් දෙදෙනා මියගොස් ඇතැයි වාර්තා වේ. 16 June 2019
කෙන්යාවේ පොලිස් රථයකට බෝම්බ ප්‍රහාරයක් කෙන්යාවේ සෝමාලියානු දේශසීමාව ආසන්නයේ මුරසංචාරයේ යෙදුණු පොලිස් නිලධාරීන් රැගත් රථයකට බෝම්බ ප්‍රහාරයක් එල්ලවීමෙන් පොලිස් නිලධාරීන් කිහිපදෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ. 16 June 2019
ඉන්දියාවේ මාවෝවාදී කැරළිකරුවෝ පොලිසියේ පහක් ඝාතනය කරති ඉන්දියාවේ නැගෙනහිර ජාර්කාන්ද් පළාතේ මාවෝවාදී ගරිල්ලන් විසින් එල්ල කල ප්‍රහාරයකින් පොලිස් නිලධාරීන් පස්දෙනකු මියගොස් ඇත. 14 June 2019
තෙල් නැව් දෙකෙහි ප්‍රහාරය පිටුපස ඉරානය සිටින බව ඇමරිකාව කියයි ඕමානයේ ගල්ෆ් කළාපයේදී ඉන්ධන නෞකා දෙකකට ප්‍රහාර එල්ල කිරීම පිටුපස ඉරානය සිටින බව ඇමරිකාව පවසයි. 14 June 2019
අයිඑස් ත්රස්තයෝ නයිජීරියානු සොල්දාදුවන් 20 දෙනෙකු මරා දමති නයිජීරියාවේ ඊසාන දිග බෝර්නෝ පළාතේදී පසුගිය බදාදා (13) සොල්දාදුවන් 20 දෙනෙකු මරා දැමූ බව අයිඑස් සංවිධාන පිළිගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 14 June 2019
චීනයේ ගංවතුරෙන් මියගිය පිරිස 61 දක්වා ඉහළට චීනයේ දකුණු දිග හා මධ්‍යම ප්‍රදේශවල ඇතිවූ ගංවතුර හා අධික වැසි තත්ත්වය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 61 දක්වා ඉහළ ගොස් ඇතැයි වාර්තා වේ. 14 June 2019
ගල්ෆ් කලාපයේ ඉන්ධන නෞකා දෙකකට ප්‍රහාරයක් ඕමානයේ ගල්ෆ් කලාපයේ දී අනතුරට ලක්වූ ඉන්ධන නෞකා දෙකක කාර්ය මණ්ඩලයේ 44දෙනකු බේරාගත් බව ඉරාන බලධාරීහු පවසති. 13 June 2019
හොංකොං රාජ්‍යයේ ගැටුම්වලින් 72 කට තුවාල චීනයේ හොංකොං රාජ්‍යයේ විරෝධතාකරුවන් හා ආරක්ෂක අංශ අතර ඇතිවූ ගැටුම් වලින් 72දෙනකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ. 13 June 2019
පාකිස්තාන ආරක්ෂ අංශ බාරයේ සිටි ශ්‍රී ලාංකික ධීවරයින් 5 ක් නිදහස් පාකිස්තාන ආරක්ෂක අංශ භාරයේ සිටි ශ්‍රී ලාංකික ධීවරයින් 5 දෙනෙකු එරට රජය විසින් නිදහස් කර ඇතැයි ධීවර දෙපාර්තමේන්තුව සදහන් කර සිටී. 13 June 2019
ජපාන අගමැති ඉරානයට ජපාන අගමැති ෂින්සො අබේ මහතා සාකච්ඡාවක් සඳහා ඉරානයේ ටෙහෙරාන් නුවරට ගොස් ඇත. 12 June 2019
චීනයේ දරුණු ගංවතුරකින් 5 ක් මරුට චිනයේ දකුණු දිග ප්‍රදේශයේ ඇතිවූ දරුණු ගංවතුර තත්ත්වයක් හේතුවෙන් පස්දෙනකු මියගොස් තවත් විශාල පිරිස් අවතැන්ව ඇතැයි වාර්තා වේ. 11 June 2019
පකිස්ථානයේ හිටපු ජනාධිපති අත්අඩංගුවට පකිස්ථානයේ හිටපු ජනාධිපති අසීෆ් අලි සර්දාරි මහතා ව්‍යාජ ගිණුම් වල මුදල් තැන්පත් කිරීමේ සිද්ධියක් මත අත්අඩංගුවට ගෙන ඇත. 10 June 2019
මාලිහි ප්‍රහාරයකින් ඩෝගොන් ජනවාර්ගිකයෝ 100ක් මරුට මාලි රාජ්‍යයේ මධ්‍යම සුබානෙ-කොවු ගම්මානයට එල්ල කල ප්‍රහාරයකින් 100දෙනකු පමණ මියගොස් ඇතැයි වාර්තා වේ. 10 June 2019
කසකස්ථානයේ ජන්දය දැමීමට එරෙහි විරෝධතාකරුවෝ අත්අඩංගුවට කසකස්ථානයේ ජනාධිපතිවරණ ඡන්ද විමසීම පැවතියදී ජන්දය දැමීමට එරෙහිව විරෝධතාවයේ යෙදුණු සියගණනක් පිරිස් අත්අඩංගුවට ගෙන ඇත. 10 June 2019
ඒහිපස්සිකෝ සාම පා ගමන 21 ඇරැඹෙයි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ’’Walk For Peace’’ සාම පාගමන වැඩසටහන ලබන 21 සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත... 16 April 2026