IMG-LOGO

2025 ජුනි මස 08 වන ඉරිදා


නයිජර් රාජ්‍යයේ හමුදා කඳවුරකට එල්ලවූ ප්‍රහාරයකින් සෙබළු 25ක් මරුට

බටහිර අප්‍රිකානු රටක් වන නයිජර් රාජ්‍යයේ බටහිර, මාලි දේශසීමාව ආසන්නයේ පිහිටි හමුදා කඳවුරකට එල්ලවූ ප්‍රහාරයකින් සොල්දාදුවන් 25 දෙනෙකු මියගොස් 6 දෙනෙකු තුවාල ලබා තිබේ.

නියාමේ අගනුවරට සැතපුම් 130ක් උතුරින් චන්දිගාර්හි මෙම කඳවුර පිහිටියේ ය.

ප්‍රහාරයේ වගකීම කිසිවකු බාරගෙන නොමැති නමුත් අල්කයිඩා සහ ඉස්ලාම් රාජ්‍ය සංවිධානයට සම්බන්ධ ඉස්ලාමීය කණ්ඩායම් විසින් සිදුකරන්නට ඇති බවට පොලිසිය සැකකරයි.

ප්‍රහාරකයන් යතුරුපැදි සහ වෙනත් වාහන කිහිපයකින් හමුදා කඳවුර වෙත ළඟාවී ඇති අතර ගුවන් හමුදාවෙන් ඔවුන්ට ප්‍රහාර එල්ල කළ බව රජය සඳහන් කරයි.

නයිජර් රාජ්‍යයේ ආරක්ෂක අංශ විසින් නිකුත් කර ඇති නිවේදනයේ සඳහන් වන්නේ මෙම ගැටුමේදී ප්‍රහාරකයින් 63 දෙනකු මියගිය බවයි.

(රොයිටර් පුවත් ඇසුරිණි - 085)



අදහස් (0)

නයිජර් රාජ්‍යයේ හමුදා කඳවුරකට එල්ලවූ ප්‍රහාරයකින් සෙබළු 25ක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 565 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 334 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 479 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site