චීනය මානව හිමිකම්වලට ලෝක මට්ටමෙන් තර්ජනයක් බව හියුමන් රයිට්ස් වොච් ජාත්‍යන්තර සංවිධානය පවසයි.


ඒ පිළිබඳ විවේචන වර්ධනය වෙමින් පවතින එරට ආර්ථිකය ඔස්සේ නිහඬ කර ඇතැයි එම සංගමයේ වාර්ෂික වාර්තාව පෙන්වා දෙයි. 

ලොව පුරා රටවල් 100 ක් පමණ මානව හිමිකම් පිළිබඳ හැසිරීම්  එම වාර්තාවෙන් සමීක්ෂණයට ලක්කර ඇත.
 
චීනය උයිගර් මුස්ලිම්වරුන් සම්බන්ධයෙන් අනුගමනය කරන පිළිවෙත එහිදී දැඩි ලෙස හෙළාදැක තිබේ. 

දශක දෙකක් තුළ චීනයේ අප දැක ඇති වඩාත් දරුණුතම මර්දනකාරී කාලපරිච්ඡේදය මෙය බව එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කෙනෙත් රොත් මහතා ප්‍රකාශ කළේය.

එය චීනයේ සංස්කෘතිය විප්ලව අවධියට හෝ ඒ හා සමාන කාලයකට සමාන බව ද හෙතෙම අවධාරණය කළේය.

 

-226-

(එන්.එච්.කේ. ඇසුරෙනි)