මතභේදාත්මක කාශ්මීර ප්‍රදේශයේ අන්තර්ජාල පහසුකම් නවතා දැමීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට විරුද්ධ යැයි ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය අද (10) ප්‍රකාශ කළේය.

අන්තර්ජාල සේවා මත පැනවූ තහනම් නැවත විමසා බලන්නැයි ද ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය ජම්මු සහ කාශ්මීර පරිපාලනයට නියෝග කර තිබෙන අතර ශ්‍රේෂ්ඨාධිකරණයේ මෙම නියෝගය අගමැති මෝදිට කළ තරවටුවක් යැයි දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වාදෙති. 

මුස්ලිම් ජාතිකයන් බහුතරයක් වෙසෙන ජම්මු හා කාශ්මීර ප්‍රාන්තයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලබා දී තිබූ ස්වයං පාලන විශේෂ බලතල ඉවත් කිරීමට ඉන්දීය ආණ්ඩුව පසුගිය අගෝස්තු මාසයේදී පියවර ගත්තේය. 

ප්‍රාන්තයේ ඇතිවිය හැකි නොසන්සුන් තත්ත්වය පාලනය කිරීමේ අරමුණින් ආණ්ඩුව එම පියවර ගත්තේය.

දින නියමක් නොමැතිව අන්තර්ජාල සේවා නැවැත්වීම රටේ විදුලි සංදේශ රෙගුලාසි උල්ලංඝණය කිරීමක් යැයි ද ඒ නිසා සතියක් ඇතුළත පැනවූ තහනම නැවත විමසා බලන්නැයි ද ශ්‍රේෂ්ඨාධිකරණය තවදුරටත් නියෝග කර ඇත. 

රොයිටර්