මතභේදාත්මක කාශ්මීර ප්‍රදේශයේ අන්තර්ජාල පහසුකම් නවතා දැමීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට විරුද්ධ යැයි ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය අද (10) ප්‍රකාශ කළේය.
අන්තර්ජාල සේවා මත පැනවූ තහනම් නැවත විමසා බලන්නැයි ද ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය ජම්මු සහ කාශ්මීර පරිපාලනයට නියෝග කර තිබෙන අතර ශ්‍රේෂ්ඨාධිකරණයේ මෙම නියෝගය අගමැති මෝදිට කළ තරවටුවක් යැයි දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වාදෙති.
මුස්ලිම් ජාතිකයන් බහුතරයක් වෙසෙන ජම්මු හා කාශ්මීර ප්‍රාන්තයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලබා දී තිබූ ස්වයං පාලන විශේෂ බලතල ඉවත් කිරීමට ඉන්දීය ආණ්ඩුව පසුගිය අගෝස්තු මාසයේදී පියවර ගත්තේය.
ප්‍රාන්තයේ ඇතිවිය හැකි නොසන්සුන් තත්ත්වය පාලනය කිරීමේ අරමුණින් ආණ්ඩුව එම පියවර ගත්තේය.
දින නියමක් නොමැතිව අන්තර්ජාල සේවා නැවැත්වීම රටේ විදුලි සංදේශ රෙගුලාසි උල්ලංඝණය කිරීමක් යැයි ද ඒ නිසා සතියක් ඇතුළත පැනවූ තහනම නැවත විමසා බලන්නැයි ද ශ්‍රේෂ්ඨාධිකරණය තවදුරටත් නියෝග කර ඇත.
රොයිටර්
2025 දෙසැම්බර් මස 04
675
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
551
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
446
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කාශ්මීරයේ අන්තර්ජාල පහසුකම් නැවැත්වීම ව්‍යවස්ථාවට විරුද්ධයි