යුක්රේන ගුවන්යානයට ප්‍රහාර එල්ල කිරීම පිළිබඳ සත්‍යය වසන් කිරීම හේතුවෙන් සිය ගණනක් උද්ඝෝෂකයෝ වීදි බැස ඉරාන බලධාරීන්ට විරෝධතාව පළකරති.
ඉරානයේ ටෙහෙරාන් අගනුවර විශ්වවිද්‍යාල දෙකක් ඉදිරිපිට පැවති මෙම විරෝධතාවලට කඳුළු ගෑස් ප්‍රහාර ද එල්ල කෙරුණි.
විරෝධතාකරුවන්ට සහාය දක්වමින් අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කර තිබේ.
පුද්ගලයින් 176 දෙනෙකුට මරු කැඳවමිවන් පසුගිය බදාදා සිදුවූ යුක්රේන ගුවන් යානා අනතුර අත්වැරදීමකින් සිදුවූ බව ඉරානය ඊයේ නිවේදනය කිරීමත් සමඟ මෙම උද්ඝෝෂණ ඇරඹුණි.
ඉරානය ඉරාකයේ පිහිටි අමෙරිකානු හමුදා කඳවුරු දෙකකට ප්‍රහාර එල්ල කිරීමෙන් පැය කිහිපයකට පසු මෙම අනතුර වාර්තා විය.
-226-
(එන්.එච්.කේ. ඇසුරෙනි)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd