ශක්තිමත් ජනාධිපති ක්‍රමයක් පවත්වාගෙන යමින් පාර්ලිමේන්තුවේ බලතල වැඩි කළ යුතු යැයි රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අද (15) ප්‍රකාශ කළේය.

එසේ කිරීම සඳහා රුසියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කළ යුතු බවත් ඒ වෙනුවෙන් ජනමත විමසුමක් පැවැත්වීමට යෝජනා කරන බවත් හෙතෙම පැවැසීය.

රුසියානු ජනාධිපතිවරයා වාර්ෂිකව එරට පාර්ලිමේන්තුව අමතමින් රුසියාවේ ඒ වනවිට පවතින තත්ත්වය එරට පාර්ලිමේන්තුවට දැනුම් දිය යුතුය. මේ වසරේ වාර්ෂික කතාව කරමින් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ඉහත කරුණු සඳහන් කළේය.

“රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සංශෝධන රැසක් මා යෝජනා කරනවා. ඒ සම්බන්ධයෙන් රටේ පුරවැසියන්ගේ ඡන්දය විමසා බැලිය යුතු” යැයි රුසියානු ජනාධිපතිවරයා කීවේය.

කෙසේ නමුත් හෙතෙම ජනමත විමසුම පැවැත්වෙන දිනයක් සම්බන්ධයෙන් සඳහන් කළේ නැත.  

ඒ.එෆ්.පී. 

055