මෝදි දින්නොත් ජ්‍යෙෂ්ඨ සිවිල් සේවකයන් පිරිසක් තනතුරුවලින් ඉවත්වීමේ සූදානමක ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැයි මාසයේදී නැවත වරක් අග්‍රාමාත්‍ය ධුරයට පත්වුවහොත් එරට සිවිල් සේවයේ සිටින ඉහළ පෙළේ නිලධාරීන් කිහිපදෙනකුම ඔවුන්ගේ ධුරවලින් ඉවත්වනු ඇතැයි පරිපාලනයට සම්බන්ධ ආරංචි මාර්ග කිහිපයක්ම සඳහන් කරයි. 10 April 2019
මැතිවරණ කාල සීමාවේදී ඉන්දියාවේ ආරක්ෂාව ගැන වැඩි සැලකිල්ලක් මැතිවරණ කාලසීමාව තුළදී ත්‍රස්තවාදී ප්‍රහාර එල්ල වීමේ අවදානම සැලකිල්ලට ගනිමින් ආරක්ෂක තත්ත්වය ඉහළ නැංවීමට ඉන්දියාව පියවර ගෙන ඇත. 10 April 2019
‘භාරතීය ජනතා පක්ෂය ජය ලැබුවොත් සාමයට හොඳ අවස්ථාවක්‘ අප්‍රේල් 11 වැනිදා ආරම්භ වීමට නියමිත ඉන්දීය මහ මැතිවරණයෙන් හින්දු ජාතිකවාදී භාරතීය ජනතා පක්ෂය ජයග්‍රහණය කළහොත් සාමය සඳහා වඩාත් හොඳ අවස්ථාවක් ඇතැයි පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ඉස්ලාමාබාද්හිදී පැවැසීය. 10 April 2019
ඊශ්‍රායල මහ මැතිවරණය ඇරඹේ ඊශ්‍රායල මහ මැතිවරණය අද (9) ආරම්භ වූ අතර මහ මැතිවරණයෙන් දක්ෂිණාංශික අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු ජයග්‍රහණය කරනු ඇතැයි දැනටමත් අනාවැක පළ වී ඇත. 09 April 2019
‘ලෝක ත්රස්තවාදයේ නියම නායකයා ඇමෙරිකාවයි’ ලෝක ත්රස්තවාදයේ නියම නායකයා ඇමෙරිකා එක්සත් ජනපදය යැයි ඉරාන ජනාධිපති හසන් රොව්හානී අද (9) ප්‍රකාශ කළේය. 09 April 2019
පාකිස්තානයට පහරදීමේ ඉන්දීය සැලසුමක් ගැන සැකයක් ඉන්දියාව මේ මාසයේදී තම රටට ප්‍රහාරයක් එල්ල කරන බවට විශ්වාසදායක ආරංචි මාර්ගවලින් දැනගන්නට ලැබී ඇතැයි පාකිස්තාන විදේශ අමාත්‍ය ෂා මහ්මූද් කුරේෂී පැවැසීය. 08 April 2019
ක්‍රයිස්ට්චර්ච් සිද්ධියේ සැකකරු හෙට අධිකරණයට නවසීලන්තයේ ක්රයිස්ට්චර්ච්හිදී මුස්ලිම් පල්ලි දෙකකට කඩා වැදී වෙඩි තැබීමේ චෝදනාවට ලක්වූ පුද්ගලයා මනුෂ්‍ය ඝාතන චෝදනා 50ක් සිදු කිරීම් චෝදනා විභාගයට පෙනී සිටීම සඳහා හෙට (5) අධිකරණය හමුවට ඉදිරිපත් කරන බව නවසීලන්ත පොලිසිය අද (4) සඳහන් කළේය. 04 April 2019
පිලිපීනයේ මින්දනාවෝ දූපතේ බෝම්බ පිපිරීමකින් 18 ට තුවාල පිලිපීනයේ දකුණු දිග මින්දනාවෝ දූපතේ ආපන ශාලාවක බෝම්බයක් පිපිරීමෙන් 18 දෙනෙකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ. 03 April 2019
පේරු රාජ්‍යයේ පතලක වායු විෂ වීමකින් 8ක් මරුට පේරු රාජ්‍යයේ නැගෙනහිර හුවමචුකෝ ප්‍රදේශයේ රන් පතලක සිදුවූ විෂ වායු කාන්දුවක් හේතුවෙන් එහි සේවය කරමින් සිටි කම්කරුවන් අටදෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ. 01 April 2019
චීනයේ රසායනික කම්හලක පිපිරීමකින් 7ක් මරුට චිනයේ ජියැන්සු පළාතේ රසායනික කම්හලක පිපිරීමකින් පුද්ගලයන් හත්දෙනකු මියගොස් පස්දෙනෙකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ. 01 April 2019
අප්‍රිකානු සංගමය සංහිඳියා සමුළුවක් පැවැත්වීමට යයි ලිබියාවේ දේශපාලන ප්‍රතිවාදීන් එකමුතු කිරීමේ අරමුණින් අප්‍රිකානු සංගමය එළැඹෙන ජූලි මාසයේදී “සංහිඳියා” සමුළුවක් පැවැත්වීමට තීරණය කර ඇතැයි එම සංගමයේ, කොමිසමේ ප්‍රධානී මුසා ෆාකී කීය. 31 March 2019
ස්ලොවැකියාවේ ජනපතිධුරයට කාන්තාවක් ස්ලෝවැකියාවේ පැවැති ජනාධිපතිවරණයෙන් එරට ඉතිහාසයේ පළමු වරට ජනාධිපති ධුරයට කාන්තාවක් පත්වූවාය. 31 March 2019
යුක්රේන ජනාධිපතිවරණයේ විකට නළුවා ඉදිරියෙන් යුක්රේන ජනාධිපතිවරණයෙන් වැඩි දේශපාලන අත්දැකීමක් නොමැති සහ විකට නළුවකු වන ව්ලොදිමීර් සෙලෙන්සිකි ජයගනු ඇතැයි පැවසේ. 31 March 2019
මධ්‍යම ඇමෙරිකානු රට වලට ලබාදෙන ආධාර කපා හැරීමට තීරණයක් මධ්‍යම ඇමෙරිකානු රටවල් ඇමෙරිකා එක්සත් ජනපදයට සංක්‍රමණිකයන් එවන බවට චෝදනා කරමින් එම රටවලට ලබාදෙන ආධාර කපා හැරීමට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් තීරණය කර ඇත. 31 March 2019
තලේබාන් කැරළිකරුවෝ පොලිස් නිලධාරීන් 9ක් ඝාතනය කරති ඇෆ්ගනිස්ථානයේ නැගෙනහිර ගාස්නි නගරයේදී තලේබාන් කැරළිකරුවන් විසින් පොලිස් නිලධාරීන් නවදෙනකු මරාදමා ඇතැයි වාර්තා වේ. 31 March 2019
ඇෆ්ගනිස්ථානයේ හදිසි ගංවතුරකින් 35ක් මරුට ඇෆ්ගනිස්ථානයේ බටහිර ප්‍රදේශවල ඇතිවූ හදිසි ගංවතුර තත්ත්වයක් හේතුවෙන් 35දෙනකු පමණ මියගොස් 12දෙනකු අතුරුදන්ව ඇතැයි වාර්තා වේ. 30 March 2019
‘චන්ද්‍රිකාවේ සුන්බුන් උඩුගුවනේදීම විනාශ වේවී’ ඉන්දියාව ඉකුත් දා උඩු ගුවනට මිසයිලයක් යවමින් චන්ද්‍රිකාවක් විනාශ කළ අතර එම මෙහෙයුමෙන් ඉතිරි වූ අභ්‍යාවකාශ සුන්බුන් දින 45ක් ඇතුළත විනාශ වී යනු ඇතැයි ඉන්දියාවේ ප්‍රධාන ආරක්ෂක විද්‍යාඥයා පවසයි. 29 March 2019
ඇමෙරිකාව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේදී හුදෙකලා වෙයි ගෝලාන් කඳුකරය ඊශ්‍රායලයේ කොටසක් ලෙස පිළිගැනීම නිසා ඇමෙරිකා එක්සත් ජනපදය එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේදී හුදෙකලා විය. 28 March 2019
සරණාගතයින් පැහැරගත් නෞකාව මෝල්ටා බලධාරීන් යටතට සරණාගතයින් පිරිසක් විසින් ලිබියාවට නුදුරින් මුහුදු තීරයේදී බදාදා(27) පැහැරගනු ලැබූ යාත්‍රාව දිනකට පසු මෝල්ටා විශේෂ කාර්ය බලකාය විසින් නැවත අත්පත් කරගෙන ඇත. 28 March 2019
ජ්‍යෙෂ්ඨ සිසුන්ගේ පහරදීමකින් ඉන්දියාවේ පාසල් සිසුවෙක් මරුට ඉන්දියාවේ දෙහෙරදන් නගරයේ පාසැලක 7වන වසරේ ඉගෙනුම ලැබූ සිසුවකුට එම පාසලේ ජ්‍යෙෂ්ඨ සිසුන් විසින් හිරිහැර කර පහර දී ඝාතනය කර ඇතැයිද පාසල් බලධාරීන් එම මෘත දේහය වළලා ඝාතනය වසන් කර ඇතැයිද පොලිසිය පවසයි. 28 March 2019
බංග්ලාදේශයේ කාර්යාල සංකීර්ණ ගොඩනැගිල්ලක ගින්නක් බංග්ලාදේශයේ ඩකා නුවර මහල් 19කින් යුතු ගොඩනැගිල්ලක ඇතිවූ ගින්නකින් විශාල පිරිසක් තුවාල ලබා ඇතැයි වාර්තා වේ. 28 March 2019
‘‘ඉන්දියාව අභ්‍යාවකාශ බලවතුගෙන් කෙනෙක්‘‘ ඉන්දියාව ලොව ඉහළම තාක්ෂණය සහිත අභ්‍යාවකාශ සුපිරි බලවතුන් කිහිපදෙනාගෙන් කෙනකු බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ජාතිය අමතමින් අද (27) ප්‍රකාශ කළේය. 27 March 2019
ඇමරිකාවේ සරම්ප පැතිරේ ඇමරිකාවේ නිව්යෝර්ක් නුවර රොක්ලන්ඩ් ප්‍රදේශයේ සරම්ප රෝගය පැතිරීමත් සමඟ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර ඇතැයි වාර්තා වේ. 27 March 2019
දඩයමට - ගොවිතැනට ඉඩම් අල්ලන්න මාලි රාජ්‍යයේ මරා ගනිති ඩොගෝන් වාර්ගික ප්‍රජාව ජීවත්වන ගම්මානවලට එල්ල වූ ප්‍රහාර මාලාවකින් පුද්ගලයන් හය දෙනකු ජීවිතක්ෂයට පත්වීමත් සමඟ මාලි රාජ්‍යයේ ප්රචණ්ඩ ක්‍රියා එන්න එන්ම වැඩිවන බවක් පෙනෙන්නට තිබේ. 27 March 2019
ගෝලාන් කඳුකරය ගැන ට්‍රම්ප්ගේ තීරණයට එරෙහිවන්නැයි ඉරාන ජනපති ඉල්ලයි ගෝලාන් කඳුකරය ඊශ්‍රායලයේ කොටසක් ලෙස පිළිගැනීමට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගත් තීරණයට එරෙහිව කලාපයේ රටවල් එකමුතු විය යුතු යැයි ඉරාන ජනාධිපති හසන් රොව්හානී මහතා පැවැසීය. 27 March 2019
අජටාකාශ ඇඳුම් හිඟවීමෙන් ප්‍රථම කාන්තා ද්විත්ව මෙහෙයුමට තිත අජටාකාශ ඇඳුම් හිඟවීම හේතුවෙන් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් පිටත සිදුකිරීමට සැලසුම් කළ ප්‍රථම කාන්තා ද්විත්ව මෙහෙයුම නවතා දැමීමට සිදුවූ බව නාසා ආයතනය පවසයි. 27 March 2019
ඊශ්‍රාලයෙන් ගාසා තීරයට ගුවන් ප්‍රහාර ඊශ්‍රාලය ගාසා තීරයේ හමාස් සංවිධානය ඉලක්ක කරගනිමින් ගුවන් ප්‍රහාර එල්ල කර බව වාර්තා වේ. 26 March 2019
හිටපු අගමැති නවාස් ෂරීෆ්ට ඇප ඉස්ලාමාබාද් මහාධිකරණය විසින් ලබාදුන් සිරදඬුවම වෛද්‍ය හේතූන් මත අත්හිටුවන ලෙස ඉල්ලමින් පකිස්ථානයේ හිටපු අගමැති නවාස් ෂරීෆ් මහතා විසින් එරට ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කළ පෙත්සම පිළිගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 26 March 2019
ඉරානයේ ගංවතුරෙන් 17 ක් මරුට ඉරානයේ දකුණු දිග ෆාර්ස් පළාතේ ඇතිවූ හදිසි ගංවතුර තත්ත්වයක් හේතුවෙන් 17 දෙනෙකු මියගොස් 70ක් පමණ තුවාල ලබා ඇතැයි වාර්තා වේ. 26 March 2019
ගුවන් ප්‍රහාරයකින් ඇෆ්ගනිස්ථානයේ ළමයි 10 ක් මරුට ඇෆ්ගන්ස්ථානයේ එක්සත් ජනපද ගුවන් ප්‍රහාරයකින් සිවිල් වැසියන් තිදෙනෙක් ඇතුළු ළමයින් 10 දෙනෙක් මිය ගොස් ඇති බව රොයිටර් පුවත් සේවාව වාර්තා කරයි. 26 March 2019
ශ්‍රී පාද පිවිසුම් මාර්ග පවිත්‍ර කරයි ශ්‍රී පාද පූජා භූමියේ නල්ලතන්නිය සහ රත්නපුර ප්‍රවේශ ආශ්රිත එක් දින ශ්‍රමදාන වැඩසටහන අද (19) සාර්ථකව ආරම්භ විය... 19 February 2026