බ්‍රසීලයේ මිනාස් ජෙරයිස් පළාතේ ඇතිවූ දරුණු ගංවතුර හා නායයෑම් හේතුවෙන් 30 දෙනකු පමණ මියගොස් 17දෙනකු අතුරුදන්ව ඇතැයි වාර්තා වේ.
පසුගිය සිකුරාදා සිට ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් මෙම තත්ත්වය උදාවූ බව කාලගුණ අංශ පවසයි.
2500 කට අධික පිරිසක් අවතැන් වී ඇති බවත් නිවාස ගණනාවක් මඩ සහිත පස් කඳු වලට යටවී ඇති බවත් ආපදා සහන සේවා කණ්ඩායම් වාර්තා කර තිබේ.
මිනාස් ජෙරයිස්හි බෙලෝ හොරිසනේට් ප්‍රදේශයට පැය 24 ක් ඇතුළත සෙන්ටිමීටර් 17 ක පමණ වර්ෂාවක් ලැබී ඇත. එය අවුරුදු 110 ක පමණ ඉතිහාසයේ ඇද හැළුණු දැවැන්තම වර්ෂාව බව මාධ්‍ය සඳහන් කරයි.
අධික වර්ෂාව සහිත කාලගුණික තත්ත්වය බ්‍රසීලයේ නාගරික බල ප්‍රදේශ 40 කට බලපෑම් කර තිබේ.
බ්‍රසීලයේ බර්මාඩින්හෝ නගරය ආසන්නයේ වේල්ලක් කැඩී යෑමෙන් 270 දෙනකු මියගොස් වසරකට පසු මෙම නායයෑම් ඇතිවිය.
(බීබීසී ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd