නොබෙදූ තැපැල් භාණ්ඩ දහස් ගණනක් සිය නිවසේ තබා ගෙන සිටි තැපැල් ස්ථානාධිපතිවරයෙකු සම්බන්ධව ජපාන පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.
ටෝකියෝ නගරය ආසන්නයේ කනගාවා හි පිහිටි ඔහුගේ නිවසේ තිබී තැපැල් භාණ්ඩ 24000 ක් පමණ බලධාරීන් විසින් සොයාගෙන ඇතැයි වාර්තා වේ.
මේ වනවිට සේවයෙන් විශ්‍රාම ගොස් ඇති මෙම පුද්ගලයාගේ අනන්‍යතාවය පොලිසිය විසින් හෙළිකර නොමැත.
ස්ථානාධිපතිවරයා පොලිසියට පවසා ඇත්තේ තැපැල් භාණ්ඩ භාරදීම කරදරයක් බැවින් ඒවා නොබෙදූ බවයි.
වර්ෂ 2003 සිට ඔහුගේ නිවසේ තැපැල් භාණ්ඩ ගොඩගසාගෙන තිබී ඇති බව මූලික පරීක්ෂණ වලින් හෙළිවී ඇත.
යොකොහාමා තැපැල් කාර්යාලය සමාව අයැද ඇති අතර සියලු ලිපි හා පාර්සල් බාරදෙන බවට පොරොන්දු වී තිබේ.
මෙම සිද්ධිය සම්බන්ධව හිටපු තැපැල් ස්ථානාධිපතිවරයා වරදකරු වුවහොත් වසර තුනක සිර දඬුවමක් හෝ ඩොලර් 4600ක දඩයක් නියම වනු ඇතැයි සඳහන් වේ.
(බීබීසී ඇසුරිනි - 085)
2025 නොවැම්බර් මස 04
754
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2405
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1759
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජපානයේ හිටපු තැපැල් ස්ථානාධිපතිවරයෙකුගේ නිවසේ නොබෙදූ තැපැල් භාණ්ඩ තොගයක්