නොබෙදූ තැපැල් භාණ්ඩ දහස් ගණනක් සිය නිවසේ තබා ගෙන සිටි තැපැල් ස්ථානාධිපතිවරයෙකු සම්බන්ධව ජපාන පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.
ටෝකියෝ නගරය ආසන්නයේ කනගාවා හි පිහිටි ඔහුගේ නිවසේ තිබී තැපැල් භාණ්ඩ 24000 ක් පමණ බලධාරීන් විසින් සොයාගෙන ඇතැයි වාර්තා වේ.
මේ වනවිට සේවයෙන් විශ්‍රාම ගොස් ඇති මෙම පුද්ගලයාගේ අනන්‍යතාවය පොලිසිය විසින් හෙළිකර නොමැත.
ස්ථානාධිපතිවරයා පොලිසියට පවසා ඇත්තේ තැපැල් භාණ්ඩ භාරදීම කරදරයක් බැවින් ඒවා නොබෙදූ බවයි.
වර්ෂ 2003 සිට ඔහුගේ නිවසේ තැපැල් භාණ්ඩ ගොඩගසාගෙන තිබී ඇති බව මූලික පරීක්ෂණ වලින් හෙළිවී ඇත.
යොකොහාමා තැපැල් කාර්යාලය සමාව අයැද ඇති අතර සියලු ලිපි හා පාර්සල් බාරදෙන බවට පොරොන්දු වී තිබේ.
මෙම සිද්ධිය සම්බන්ධව හිටපු තැපැල් ස්ථානාධිපතිවරයා වරදකරු වුවහොත් වසර තුනක සිර දඬුවමක් හෝ ඩොලර් 4600ක දඩයක් නියම වනු ඇතැයි සඳහන් වේ.
(බීබීසී ඇසුරිනි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd