IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


චීනයේ වනසතුන් මසට විකිණීම තහනම්

වහාම ක්‍රියාත්මක වන පරිදි චීනයේ වනසතුන් මසට විකිණීම තහනම් කර ඇත. 

සර්පයින් මොනරුන් කිඹුලන් ඇතුළු තවත් බොහෝ සත්ත්ව විශේෂ චීන ජනතාව සඳහා ඊ වෙබ් අඩවිවල විකිණීමට ඇත.

මාරාන්තික කොරෝනා වර්ගයේ වෛරසය මධ්‍යම චීනයේ වුහාන් නගරයේ මුහුදු ආහාර වෙළඳපොළකින් ව්‍යාප්ත වුණු බවට සැකකෙරෙන අතර එම වෙළඳපොළේ නීති විරෝධී ලෙස වනසතුන් මසට විකුණන බවද සඳහන් වේ.

කොරෝනා වෛරසයේ සම්ප්‍රේෂණ හැකියාව ශක්තිමත් වෙමින් පවතින අතර අසාදනයවීම් ඉහළ යා හැකි බව චීනයේ ජාතික සෞඛ්‍ය කොමිසම පවසයි.

ජාතික සෞඛ්‍ය කොමිෂන් සභාවේ අමාත්‍ය මා ෂියාඕවේ මහතා මාධ්‍ය හමුවකදී කියා සිටියේ  වෛරසය පිළිබඳ බලධාරීන්ගේ දැනුම තවමත් සීමිත බවයි.

වෛරසයේ විකෘති හේතුවෙන් ඇතිවිය හැකි අවදානම පිළිබඳව පැහැදිලි නැති බවත් ඔහු පවසයි.  වෛරසය ශරීරයට ඇතුළු වී දින 14ක කාලයක් (බීජෞෂණ සමය) තුළ රෝගය වැළඳෙන බවත් මීට පෙර වසංගතයක් ලෙස පැතිරී ගිය සාර්ස් සින්ඩ්‍රෝමය සම්බන්ධව මෙවැන්නක් සිදු නොවූ බවත් අමාත්‍යවරයා පවසයි.

 (රොයිටර් පුවත් ඇසුරිණි - 085)



අදහස් (1)

චීනයේ වනසතුන් මසට විකිණීම තහනම්

Dharmasiri Sunday, 26 January 2020 02:24 PM

චීන්නු කියන්නේ පුදුම සක්කිලි ජාතියක්... මුන් නොකන මසක් නැහැ. හුනාගේ සිට වවුලා, ගෙම්බා, ගැඩවිලා, කැරපොත්තා, පළඟැටියා .. මෙකි නොකී ඕනෑම සතෙක් ඔය වෙළඳපොලවල විකුණන්න ඉන්නවා.. මේ සතුන්ගෙන් මිනිසුන්ට එන වෛරස ප්‍රමාණය කොපමණද කියන්න දෙයියෝවත් දන්නේ නැහැ. දෙයියන්ගේ නාමෙන් අනික් මිනිස්සු වගේ කුකුල් මස් හෝ එවැනි මසක් කාලා ඔය බඩජාරිකම නවත්ත ගනිල්ලා.. දන්නා කෙනෙක් මේක චීන භාෂාවෙන් අන්තර්ජාලයේ පලකරන්න ප්ලීස්...

:       532       690

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 754 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2405 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1759 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site