මියන්මාරයේ රෝහින්ග්‍යා ගම්මානයකට අද (25) එල්ල වූ ෂෙල්වෙඩි ප්‍රහාර හේතුවෙන් කාන්තාවන් දෙදෙනකු මියගොස් තවත් හත්දෙනකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ.

මියගිය දෙදෙනාගෙන් එක් අයෙකු ගර්භණී කාන්තාවකි.

මෙහිදී ගැටුමක් ඇති නොවූ බවද නිරායුධ ගම්වැසියන්ට ප්‍රහාර එල්ල කළ බවද ගමිවැසියන් සඳහන් කර ඇත.

රජයේ හමුදා විසින් මෙම ප්‍රහාර එල්ල කළ බවට ප්‍රදේශවාසීන් පවසන නමුත් මියන්මාර ආරක්ෂක අංශ එම චෝදනා ප්‍රතික්ෂේප කරයි.

සාමාන්‍ය ජනතාව ඉලක්ක කර මෙම වසර තුළ ප්‍රහාර එල්ල කළ දෙවන අවස්ථාව මෙය වන අතර ජනවාරි මස මුල් සතියේ සිදුවූ පිපිරීමකින් රෝහින්ග්‍යා දරුවන් හතරදෙනෙක් මියගියහ.

සුළුතර රෝහින්ග්‍යා ජනතාව ආරක්ෂා කළ යුතු බවට එක්සත් ජාතීන්ගේ අධිකරණය විසින් මියන්මාර රජයට නියෝග කිරීමෙන් දින දෙකකට පසු මෙම ප්‍රහාර එල්ල වී තිබේ.

(රොයිටර් පුවත් ඇසුරිණි - 085)