නැගෙනහිර අප්‍රිකාව පුරා පැතිරී ඇති විනාශකාරී කාන්තාර පළඟැටියන් මර්දනය කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය ජාත්‍යන්තරයෙන් උදව් ඉල්ලා ඇත.
ආහාර අර්බුදයකින් පෙළෙන ඉතියෝපියාව, සෝමාලියාව සහ කෙන්යාව යන රටවල් පෙර නොවූ විරූ ආකාරයෙන් සිඝ්‍රයෙන් පැතිර යන කෘමි රංචු මහත් ව්‍යවසනයක් බවට පත්ව ඇතැයි එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය පවසයි.
ඉදිරි මාස කිහිපය ඇතුලත පළඟැටියන් සංඛ්‍යාව 500 ගුණයකින් වර්ධනය වේ යැයි ඔවුහු බිය පලකරති.
දශක ගණනාවක ඉතිහාසයේ මෙවන් කෘමි වසංගතයක් ඇති නොවූබවත් පළඟැටියන් මේ ආකාරයෙන් වර්ධනය වුවහොත් දකුණු සුඩානය සහ උගන්ඩාවද අවදානමට ලක් වියහැකි බවත් සඳහන් වේ.
ඉතිරි වී ඇති එකම විකල්පය වන්නේ ගුවනින් කෘමිනාශක ඉසීම පමණක් බව කෘෂි විශේෂඥයෝ පවසති.
2019 වසර අවසානයේ පැවති අධික වර්ෂාපතනය නිසා කෘමීන්ගේ වර්ධනය වේගවත් වී ඇත. පළඟැටියන්ට දිනකට කිලෝමීටර් 150ක් දක්වා ගමන් කළ හැකි අතර එක් දිනකදී තමන්ගේ බරට සමාන ආහාර ප්‍රමාණයක් අනුභව කිරීමට හැකියාව තිබේ.

(බීබීසී ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd