චීනයේ වූහාන් නගරයෙන් , එක්සත් අරාබි එමීර් රාජ්‍යට පැමිණි පවුලකට නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි එරට රාජ්‍ය පුවත් සේවය අද (29) නිවේදනය කළේය.
කොරෝනා වයිරසය පිළිබඳ සිදුවීමක් මැද පෙරදිගින් වාර්තා වූ පළමු අවස්ථාව මෙය වේ.
“චීනයේ වූහාන් නගරයෙන් පැමිණි පවුලකට කොරෝනා වයිරසය ආසදානය වී ඇති බව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සෞඛ්‍ය සහ රෝග නිවාරණ අමාත්‍යාංශය නිවේදනය කළේ” යැයි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රාජ්‍ය පුවත් සේවය වන ‘ඩබ්ලිව්.ඒ.එම්’ පුවත් සේවය වාර්තා කළේය.
කෙසේ නමුත් වයිරසය කොතරම් පිරිසකට ආසාදනය වී ඇත්ද යන්න එම පුවත් සේවය වාර්තා කර නොතිබිණි.
“වයිරසය ආසාදනය වූ පිරිසගේ සෞඛ්‍ය තත්ත්වය ස්ථාවරයි. ඔවුන් වෛද්‍ය නිරීක්ෂණය යටතේ පසුවෙනවා” යැයි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්විණි.
ඒ.එෆ්.පී.
(055)
2025 නොවැම්බර් මස 04
754
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2405
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1759
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කොරෝනා ආසාදිතයින් සිටින රටවල ලැයිස්තුවට ඩුබායි රාජ්‍යයත් එක්වෙයි