ස්පාඤ්ඤයේ නැගෙනහිර පෙදෙසේ ඇති වූ හිම කුණාටුවක් හේතුවෙන් හත්දෙනකු මියගොස් හතරදෙනකු අතුරුදන්ව ඇතැයි එරට බලධාරීහු පවසති.
වෙරළ ආශ්‍රිත නගර වලට තද සුළං සහ මුහුදු රළ කඩාවැදී ඇති අතර ගංවතුර තත්ත්වයක් ද ඇතිවී තිබේ.
ග්ලෝරියා ලෙස නම්කර ඇති මෙම හිම කුණාටුව හේතුවෙන් පැයට කිලෝමීටර් 100ක පමණ වේගයෙන් සුළං හැමූ බවද අධික හිම පතනයක් ඇතිවූ බවද කාළගුණ අංශ සඳහන් කරයි.
කුණාටුව ක්‍රමයෙන් ඉවතට ගමන් කළද වර්ෂාව දින කිහිපයක් පවතිනු ඇතැයි සඳහන් වේ.
සාමාන්‍යයෙන් ස්පාඤ්ඤයේ හිම කුණාටු දුර්ලභ නොවූවද මෑත කාලයේ අසාමාන්‍ය ලෙස දැඩි වර්ෂාපතනයන් ඇති බව කාළගුණ අංශ නිරීක්ෂණය කර තිබේ.
පසුගිය 2019 වර්ෂයේ ස්පාඤ්ඤයේ ගිණිකොන දිග පෙදෙසේ ඇති වූ ගංවතුරින් හත්දෙනකු මියගිය අතර 2018 වර්ෂයේ ඔක්තෝබර් මාසයේදී මල්ලෝර්කහි ගංගා පිටාර ගැලීමෙන් 13 දෙනකු මියගියහ.
(ඒඑෆ්පී ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd