IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


ස්පාඤ්ඤයේ නැගෙනහිර පෙදෙසේ ඇති වූ හිම කුණාටුවකින් 7 ක් මරුට

ස්පාඤ්ඤයේ නැගෙනහිර පෙදෙසේ ඇති වූ හිම කුණාටුවක් හේතුවෙන් හත්දෙනකු මියගොස් හතරදෙනකු අතුරුදන්ව ඇතැයි එරට බලධාරීහු පවසති.

වෙරළ ආශ්‍රිත නගර වලට තද සුළං සහ මුහුදු රළ කඩාවැදී ඇති අතර ගංවතුර තත්ත්වයක් ද ඇතිවී තිබේ.

ග්ලෝරියා ලෙස නම්කර ඇති මෙම හිම කුණාටුව හේතුවෙන් පැයට කිලෝමීටර් 100ක පමණ වේගයෙන් සුළං හැමූ බවද අධික හිම පතනයක් ඇතිවූ බවද කාළගුණ අංශ සඳහන් කරයි.

කුණාටුව ක්‍රමයෙන් ඉවතට ගමන් කළද වර්ෂාව දින කිහිපයක් පවතිනු ඇතැයි සඳහන් වේ.

සාමාන්‍යයෙන් ස්පාඤ්ඤයේ හිම කුණාටු දුර්ලභ නොවූවද මෑත කාලයේ අසාමාන්‍ය ලෙස දැඩි වර්ෂාපතනයන් ඇති බව කාළගුණ අංශ නිරීක්ෂණය කර තිබේ.

පසුගිය 2019 වර්ෂයේ ස්පාඤ්ඤයේ ගිණිකොන දිග පෙදෙසේ ඇති වූ ගංවතුරින් හත්දෙනකු මියගිය අතර 2018 වර්ෂයේ ඔක්තෝබර් මාසයේදී මල්ලෝර්කහි ගංගා පිටාර ගැලීමෙන් 13 දෙනකු මියගියහ.  

(ඒඑෆ්පී ඇසුරිණි - 085)

 



අදහස් (0)

ස්පාඤ්ඤයේ නැගෙනහිර පෙදෙසේ ඇති වූ හිම කුණාටුවකින් 7 ක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 754 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2405 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1759 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site