බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වීමට අදාළ බ්‍රෙක්සිට් පනත් කෙටුම්පත ස‍ඳහා එරට පාර්ලිමේන්තුවේ උත්තර මන්ත්‍රී මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබේ.

උත්තර මන්ත්‍රී මණ්ඩලය එහි යම් වෙනස්කම් සිදුකකළ ද මහජන මන්ත්‍රී මණ්ඩලය ඒවා ප්‍රතික්ෂේප කර තිබුණි.

ඒ අනුව විවාදය නැවත උත්තර මන්ත්‍රී මණ්ඩලයේදී ආරම්භ වූ අතර කෙටුම්පත කිසිදු වෙනස්කමකින් තොරව සම්මත විය.

පනත එලිසබත් මහරැජිණ අතට පත්වූ පසු එය නීතියක් බවට පත්වේ.

ලබන 31 වැනිදා බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වන බව අගමැති බොරිස් ජොන්සන් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

ඉන්පසු බ්‍රිතාන්‍ය තනි රටක් වශයෙන්  ඉදිරියට යන බව ඔහු වැඩිදුරටත් පැවසීය.

(එන්.එච්.කේ. ඇසුරෙනි)

-226-