IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


රුසියාව චීනයට මායිම්ව පිහිටි දේශසීමාව වසාදමයි

නව කොරෝනා වයිරසය පැතිර යෑම වැළැක්වීම සඳහා චීනයට මායිම් වන දේශසීමාව වසා දමන බව රුසියාව අද (30) ප්‍රකාශ කළේය.

ඊට අමතරව චීන ජාතිකයන්ට විද්‍යුත් වීසා ලබාදීම නැවැත්වීමට ද චීනය පියවර ගෙන ඇත.

“ඈත නැගෙනහිර (චීනයට මායම් වන) දේශසීමාව වසා දැමීමට පියවර ගෙන තිබෙනවා” යැයි ආණ්ඩුවේ රැස්වීමකට සහභාගී වෙමින් රුසියානු අග්‍රාමාත්‍ය මිහායිල් මිස්හුස්ටින් පැවැසීය.

“අපේ මිනිස්සු ආරක්ෂා කරගන්න අපි හැමදේම කරනවා” යැයි හෙතෙම කීය.

ආණ්ඩුවේ තීරණයට අනුව දෙරට අතර ගමනාගමන කටයුතු යනාදිය තාවකාලිකව නවතා දැමීමට ද රුසියාව පියවර ගෙන ඇත.

චීන ජාතිකයන්ට විද්‍යුත් වීසා ලබාදීම නැවැත්වීමට පියවර ගෙන ඇතැයි මේ කරුණු ඇතුළත් කරමින් නිවේදනයක් නිකුත් කළ රුසියානු විදේශ අමාත්‍යාංශය සඳහන් කළේය.

රුසියාවෙන් මේ වනතෙක් මාරාන්තික කොරෝනා වයිරසය සම්බන්ධ සිදුවීම් කිසිවක් වාර්තා වී නොමැත. කෙසේ නමුත් වයිරසය ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා රුසියාව කාර්ය සාධක බලකායක් ද ස්ථාපිත.

චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙන් ව්‍යාප්තිය ආරම්භ වූ මාරාන්තික කොරෝනා වයිරසය හේතුවෙන් මියගිය ගණන මේ වනවිට 170 දක්වා ඉහළ ගොස් ඇත.

ඒ.එෆ්.පී. 
 
055



අදහස් (0)

රුසියාව චීනයට මායිම්ව පිහිටි දේශසීමාව වසාදමයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 754 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2405 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1759 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site