නව කොරෝනා වයිරසය පැතිර යෑම වැළැක්වීම සඳහා චීනයට මායිම් වන දේශසීමාව වසා දමන බව රුසියාව අද (30) ප්‍රකාශ කළේය.
ඊට අමතරව චීන ජාතිකයන්ට විද්‍යුත් වීසා ලබාදීම නැවැත්වීමට ද චීනය පියවර ගෙන ඇත.
“ඈත නැගෙනහිර (චීනයට මායම් වන) දේශසීමාව වසා දැමීමට පියවර ගෙන තිබෙනවා” යැයි ආණ්ඩුවේ රැස්වීමකට සහභාගී වෙමින් රුසියානු අග්‍රාමාත්‍ය මිහායිල් මිස්හුස්ටින් පැවැසීය.
“අපේ මිනිස්සු ආරක්ෂා කරගන්න අපි හැමදේම කරනවා” යැයි හෙතෙම කීය.
ආණ්ඩුවේ තීරණයට අනුව දෙරට අතර ගමනාගමන කටයුතු යනාදිය තාවකාලිකව නවතා දැමීමට ද රුසියාව පියවර ගෙන ඇත.
චීන ජාතිකයන්ට විද්‍යුත් වීසා ලබාදීම නැවැත්වීමට පියවර ගෙන ඇතැයි මේ කරුණු ඇතුළත් කරමින් නිවේදනයක් නිකුත් කළ රුසියානු විදේශ අමාත්‍යාංශය සඳහන් කළේය.
රුසියාවෙන් මේ වනතෙක් මාරාන්තික කොරෝනා වයිරසය සම්බන්ධ සිදුවීම් කිසිවක් වාර්තා වී නොමැත. කෙසේ නමුත් වයිරසය ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා රුසියාව කාර්ය සාධක බලකායක් ද ස්ථාපිත.
චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙන් ව්‍යාප්තිය ආරම්භ වූ මාරාන්තික කොරෝනා වයිරසය හේතුවෙන් මියගිය ගණන මේ වනවිට 170 දක්වා ඉහළ ගොස් ඇත.
ඒ.එෆ්.පී.
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd