ග්වාතමාලාවේ සිට නීති විරෝධීව තම රටට ඇතුළු වූ 800ක පමණ පිරිසක් රඳවාගත් බව මෙක්සිකෝ බලධාරීහු පවසති.
මධ්‍යම ඇමරිකානු රටවල සිට පැමිණෙන මෙම සංක්‍රමණිකයන් මෙක්සිකෝව හරහා ඇමරිකානු දේශ සීමාවට ගමන් කිරීමේ අරමුණින් යන පිරිස් වන අතර මොවුන්ගේ නෛතික තත්ත්වය විසඳිය නොහැකි නම් නැවත ඔවුන්ගේ මව් රටවලට හරවා යවන බව බලධාරීහු වැඩිදුරටත් පවසති.
සංක්‍රමණිකයන්ගේ පැමිණීම පාලනය කරන ලෙස ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙක්සිකෝවට දැඩි බලපෑම් එල්ල කිරීම හේතුවෙන් මෙක්සිකෝ බලධාරීන් සංක්‍රමණිකයන්ට එරෙහි ක්‍රියාමාර්ග දැඩි කර ඇති බව සඳහන් වේ.
මෙක්සිකෝව සහ මධ්‍යම ඇමරිකානු රටවල් සංක්‍රමණික ප්‍රවාහයන් පාලනය කිරීමට අපොහොසත් වුවහොත් ආර්ථික වශයෙන් දඬුවම් කරන බවට ඇමරිකානු ජනාධිපතිවරයා තර්ජනය කර ඇතැයි පැවසේ.
සමහර සංක්‍රමණිකයන්ට මෙක්සිකෝවේ සරණාගත ඒජන්සියේ සරණාගතභාවය ලබා ගැනීම සඳහා පෝරම ලබා දී ඇති අතර අලුතින් පැමිණි සියගනනක් සංක්‍රමණිකයන් වහාම පිටුවහල් කළ බව මෙක්සිකෝ විදේශ ඇමති මාර්සෙලෝ එබ්‍රාඩ් පවසයි. බොහෝ සංක්‍රමණිකයන් පවසන්නේ ආර්ථික දුෂ්කරතා සහ ප්‍රචණ්ඩත්වය හේතුවෙන් පලා යන බවයි.
(රොයිටර් පුවත් ඇසුරිනි - 085)
2025 නොවැම්බර් මස 04
754
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2405
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1759
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ග්වාතමාලාවෙන් නීතී විරෝධිව ඇතුළු වූ 800 ක් මෙක්සිකෝවේ රඳවා ගනිති