කොරෝනා වෛරසය වැළඳී ඇති බවට සැකකෙරෙන චීන මගීන් දෙදෙනකු සම්බන්ධ පරීක්ෂණ සිදුකෙරෙන තෙක් ඉතාලි නෞකාවක මගීන් 6000 ක් රඳවාගෙන ඇතැයි වාර්තා වේ.
නෞකාව රෝමයේ උතුරුදිග සිවිටවෙචියා වරායේ නවතා ඇති අතර වෛද්‍ය පරීක්ෂණ අවසන් වනතුරු මගීන් කිසිවකුට නෞකාවෙන් පිටවීමට අවසර නොදුන් බව නැව් සමාගමේ ප්‍රකාශකයෙකු පවසා ඇත.
වෛරස රෝගය වැළඳී ඇති බවට සැකකරන චීන ජාතික යුවල පසුගිය 25 වැනිදා ඉතාලියේ සැවෝනා වරායෙන් කොස්ටා ස්මරල්ඩා නම් මෙම නෞකාවට ගොඩවී තිබේ.

පසුව ඔවුන් උණ රෝගයෙන් හා හුස්ම ගැනීමේ අපහසුතාවයෙන් පෙළෙන බව දැනගන්නට ලැබී ඇත.
නෞකාව පසුගිය සතියේ ප්‍රංශයේ මර්සෙයිලස් සහ ස්පාඤ්ඤයේ බාසිලෝනා හා පල්මා ඩි මැලොර්කා වරායන්හි සංචාරය කිරීමෙන් පසු රෝමයට පැමිණ තිබේ.
පරීක්ෂණ අවසන් වීමට පැය කිහිපයක් ගතවනු ඇතැයි සඳහන් වේ.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd