කොරෝනා වෛරසය වැළඳී ඇති බවට සැකකෙරෙන චීන මගීන් දෙදෙනකු සම්බන්ධ පරීක්ෂණ සිදුකෙරෙන තෙක් ඉතාලි නෞකාවක මගීන් 6000 ක් රඳවාගෙන ඇතැයි වාර්තා වේ.
නෞකාව රෝමයේ උතුරුදිග සිවිටවෙචියා වරායේ නවතා ඇති අතර වෛද්‍ය පරීක්ෂණ අවසන් වනතුරු මගීන් කිසිවකුට නෞකාවෙන් පිටවීමට අවසර නොදුන් බව නැව් සමාගමේ ප්‍රකාශකයෙකු පවසා ඇත.
වෛරස රෝගය වැළඳී ඇති බවට සැකකරන චීන ජාතික යුවල පසුගිය 25 වැනිදා ඉතාලියේ සැවෝනා වරායෙන් කොස්ටා ස්මරල්ඩා නම් මෙම නෞකාවට ගොඩවී තිබේ.

පසුව ඔවුන් උණ රෝගයෙන් හා හුස්ම ගැනීමේ අපහසුතාවයෙන් පෙළෙන බව දැනගන්නට ලැබී ඇත.
නෞකාව පසුගිය සතියේ ප්‍රංශයේ මර්සෙයිලස් සහ ස්පාඤ්ඤයේ බාසිලෝනා හා පල්මා ඩි මැලොර්කා වරායන්හි සංචාරය කිරීමෙන් පසු රෝමයට පැමිණ තිබේ.
පරීක්ෂණ අවසන් වීමට පැය කිහිපයක් ගතවනු ඇතැයි සඳහන් වේ.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)
2025 නොවැම්බර් මස 04
754
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2405
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1759
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කොරෝනා පරීක්ෂණ නිමවන තෙක් ඉතාලි නෞකාවක් රඳවා ගනී