ලෝකයේ කොටස් වෙළෙඳපොළවලට අලුත් වසරේ හොඳ ආරම්භයක් චීනයේ ද සහාය ඇතිව ලෝකයේ කොටස් වෙළෙඳපොළවල් නව ප්රබෝධයකින් අලුත් වසරේ වෙළෙඳ කටයුතු ඇරැඹීය. 02 January 2020
සුඩානයේ අවතැන් කඳවුරකට එල්ලවූ ප්‍රහාරයකින් 24 ක් මරුට සුඩානයේ බටහිර ඩාර්ෆූර්හි අවතැන් කඳවුරකට එල්ලවූ ප්‍රහාරයකින් පුද්ගලයන් 24දෙනකු පමණ මියගොස් 17දෙනකු පමණ තුවාල ලබා ඇතැයි ජාත්‍යන්තර සාම සාධක හමුදාව පවසයි. 02 January 2020
කලාපීය සමුළුවකට මෝදිගේ අවධානය දකුණු ආසියානු රටවල රාජ්‍ය නායකයන්ගේ සහභාගීත්වයෙන් කලාපීය සමුළුවක් පැවැත්වීම කෙරෙහි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ අවධානය යොමු වී ඇත. 02 January 2020
ගුවන් අනතුරු අවම වසරක් ලෙස 2019 ඉතිහාසයට එක්වෙයි 2019 වසරේ ගුවන් අනතුරු සංඛ්‍යාව 50% කට වඩා අඩුවී ඇතැයි ගුවන් සේවා කර්මාන්ත ක්ෂේත්රයේ අධ්‍යයනයකින් පෙන්වා දෙයි. 02 January 2020
ඉන්දුනීසියාවේ ගංවතුරින් 9 ක් මරුට අලුත් අවුරුද්දේ පළමු දිනයේ දි ඉන්දුනීසියාවේ අගනුවර සහ අවට නගර කිහිපයක ඇතිවූ හදිසි ගංවතුර තත්ත්වයක් හේතුවෙන් 9 දෙනකු පමණ මිය ගොස් බොහෝ පිරිසක් අවතැන් වී ඇතැයි වාර්තා වේ. 02 January 2020
මෙක්සිකෝවේ බන්ධනාගාරයක ඇතිවූ ගැටුමකින් රැඳවියන් 16 ක් මරුට මෙක්සිකෝවේ උතුරු දිග සැකටකාස් ප්‍රාන්තයේ බන්ධනාගාරයක ඇතිවූ ගැටුමකින් රැඳවියන් 16 දෙනකු මියගොස් පස් දෙනකු තුවාල ලබා තිබේ. 01 January 2020
‘‘ඉරානයට ඉදිරියේදී විශාල වන්දියක් ගෙවීමට සිදුවෙයි‘‘ ඉරානයට ඉදිරියේදී “විශාල වන්දියක්” ගෙවීමට සිදුවනු ඇතැයි ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් අනතුරු අඟවයි. 01 January 2020
අමෙරිකාවෙන් මැදපෙරදිගට තවත් භට කණ්ඩායමක් ඉරාකයේ බැග්ඩෑඩ් නුවර අමෙරිකානු තානාපති කාර්යාලය ඉලක්ක කර ගත් විරෝධතා සඳහා භටයින් 750 කට අධික කණ්ඩායමක් යවන බව අමෙරිකාව පවසයි. 01 January 2020
‘චන්ද්‍රයානය - 3’ මෙහෙයුමට ඉන්දීය රජයේ අනුමැතිය ඉන්දියාවේ තුන්වැනි චන්ද්‍ර මෙහෙයුම වන, චන්ද්‍රයානය - 3 සඳහා එරට රජයේ අනුමැතිය ලැබී ඇත. 01 January 2020
ලැව්ගින්නෙන් ඕස්ට්‍රේලියානුවෝ මුහුදු වෙරළේ කොටුවෙති මාස ගණනක් තිස්සේ පැතිර යමින් තිබෙන ලැව් ගිනි හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ දහස් ගණනක් පීඩාවට පත්ව මුහුදු වෙරළ වෙත ගොස් සිටිති. 31 December 2019
සුඩාන බුද්ධි අංශ සාමාජිකයින් 29කට මරණ දඬුවම රැඳවුම් බාරයේ සිටි ගුරුවරයකු මරණයට පත්කිරීම සම්බන්ධයෙන් සුඩාන අධිකරණය විසින් එරට බුද්ධි අංශ සාමාජිකයින් 29 දෙනෙකුට මරණ දඬුවම නියම කර තිබේ. 31 December 2019
නරේන්ද්‍ර මෝදිගේ නිවස ආසන්නයේ ගින්නක් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ දිල්ලිහි පිහිටි නිවස ආසන්නයේ ඉතා සුළු ගින්නක් ඇති වූයේ යැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. 30 December 2019
ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ජනවාරියේ යුක්රේනයේ සංචාරයක ඇමෙරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් මයික් පොම්පෙඕ ජනවාරි මාසයේදී යුක්රේනයේ සංචාරයක නිරත වීමට නියමිතය. 30 December 2019
‘‘හිස්බුල්ලා සංවිධානයට ඇමෙරිකාව එල්ල කළ ප්‍රහාර පිළිගන්න බැහැ‘‘ ඉරානයේ සහාය ලබන හිස්බුල්ලා සංවිධානය සහ ඇමෙරිකා එක්සත් ජනපද හමුදා එකිනෙකාට ප්‍රහාර එල්ල කරගැනීම “කිසිසේත් පිළිගත නොහැකි යැයි” ද දෙපාර්ශවයම ඉන් වැළැකී ඉවසීමෙන් කටයුතු කළ යුතු යැයි ද රුසියානු විදේශ අමාත්‍ය සර්ගේ ලැව්රෝව් අද (30) පැවැසීය. 30 December 2019
‘‘ඇමරිකානු ජනාධිපතිවරයා සමඟ කතා කිරීම කාලය නාස්ති කිරීමක්‘‘ ගෝලීය උෂ්ණත්වය ඉහළයාම පිළිබඳ එක්සත් ජාතීන්ගේ සමුළුවේදී ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ කතා කිරීම කාලය අපතේ හැරීමක් වනු ඇතැයි දේශගුණික විපර්යාස ක්‍රියාකාරිණී ග්‍රේටා තන්බර්ග් පවසයි. 30 December 2019
ඉරාන හිතවාදී සටන්කාමීන්ට ඇමෙරිකාවෙන් ගුවන් ප්‍රහාර ඉරාකයේ සිටින ඇමෙරිකානු හිතවාදී කණ්ඩායමක් ඉලක්ක කරගනිමින් එල්ල කරන ලද ප්‍රහාරයකින් සටන්කාමීන් 25 දෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ. 30 December 2019
ඇෆ්ගනිස්ථානයේ සටන් විරාමයක් තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්ථානයේ තාවකාලික සටන් විරාමයක් සඳහා එකඟ වෙයි. 30 December 2019
ඇල්ප්ස් කඳුකරයේ හිම තට්ටුවක් කඩා වැටී සිව්දෙනෙක් මරුට ඉතාලියේ ඇල්ප්ස් කඳුකරයේ, හිම තට්ටුවක් කඩාවැටීමෙන් හිම මත ලිස්සායාමෙහි නිරතව සිටි ක්‍රීඩකයකු ඇතුළු පුද්ගලයන් සිව්දෙනෙකු මියගොස් ඇත. 30 December 2019
‘ඇමරිකාව ත්රස්තවාදයට සහාය දක්වනවා’ ඇමෙරිකා එක්සත් ජනපදය එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් පෙනී යන්නේ ඔවුන් “ත්රස්තවාදයට සහාය දක්වන බව” යැයි ඉරානය අද (30) ප්‍රකාශ කළේය. 30 December 2019
ඉරාන සහාය ලබන සන්නද්ධ කණ්ඩායම් වලට ගුවන් ප්‍රහාර ඉරාකයේ සහ සිරියාවේ සිටින ඉරානයේ සහාය ලබන සන්නද්ධ කණ්ඩායම් ඉලක්ක කරගනිමින් ගුවන් ප්‍රහාර එල්ල කළ බව ඇමෙරිකානු බලධාරීහු ප්‍රකාශ කළහ. 30 December 2019
අනතුරට පත් යාත්‍රා දෙකක සංක්‍රමණිකයින් 31දෙනකු බේරාගැනේ ඉංග්‍රීසි ඕඩය තරණය කිරීමට යෑමේදී අනතුරට පත් යාත්‍රා දෙකක සිටි සංක්‍රමණිකයින් 31දෙනකු බේරාගත් බව ප්‍රංශ වෙරළ ආරක්ෂක භටයෝ පවසති. 30 December 2019
නව තක්කාලි විශේෂයක් ඇමරිකාවේ පර්යේෂකයෝ සොයාගනිති මිදි මෙන් එක පොදියට සෑදෙන නගරවල වැවිය හැකි නව තක්කාලි වර්ගයක් සංවර්ධනය කිරීමට ඇමෙරිකා එක්සත් ජනපදයේ පර්යේෂකයෝ පිරිසක් සමත්ව සිටිති. 29 December 2019
ලොව වයස්ගතම රයිනෝ මියයයි ලොව වයස්ගතම රයිනෝ ලෙස විශ්වාස කරන 57 හැවිරිදි ෆවුස්ටා නම් රයිනෝ ටැන්සානියවේදි මියගොස් තිබේ. 29 December 2019
නිව්යෝක් යුදෙව් ආගමික ස්ථානයකට කඩා වැදුණු පුද්ගලයකුගේ පිහිපහරකින් පිරිසකට තුවාල නිව්යෝක් ප්‍රාන්තයේ මොන්සේ හි පිහිටි යුදෙව් ධර්මාචාර්යවරයකුගේ ස්ථානයට කඩා වැදුණු මන්නයක් රැගත් පුද්ගලයකු මෙම ප්‍රහාරය එල්ල කර ඇතැයි ඇමෙරිකාවේ ‘සී.බී.එස්. නිව්යෝක්’ පුවත් සේවය වාර්තා කළේය. යුදෙව්වරුන්ගේ ආගමික උත්සවයක් වන ‘හනුකා’ සැමරුම පැවැත්වෙන අවස්ථාවේදී මෙම ප්‍රහාරය එල්ල වී තිබෙන අතර ප්‍රහාරය එල්ල කළ පුද්ගලයා තවත් තිදෙනකුට තුවාල කර පලාගොස් ඇත. මොන්සේ යනු යුදෙව්වන් විශාල පිරිසක් සිටින ප්‍රදේශයක් ලෙස සැලකේ. 29 December 2019
’සරායි’ සුළි කුණාටුවෙන් 2500ක් අවතැන් ෆීජී රාජ්‍යයට බලපා තිබෙන ‘සරායි’ සුළි කුණාටුවෙන් දෙදෙනකු මියගොස් 2,500කට වැඩි පිරිසක් අවතැන්ව සිටිති. 29 December 2019
තලේබාන් ප්‍රහාරයකින් හමුදාවේ 10 ක් මරුට ඇෆ්ගනිස්තානයේ හෙල්මන්ඞ් පළාතේ හමුදා කඳවුරකට තලේබාන් සංවිධානය එල්ල කළ ප්‍රහාරයකින් හමුදා සාමාජිකයන් 10 දෙනකු මියගිය බව එරට බලධාරීහු සෙනසුරාදා ප්‍රකාශ කළහ. 29 December 2019
ළමුන් පිරිසක් බේරාගත් නාවික හමුදා භටයා වසරකින් පසු මියයයි පසුගිය වසරේදී තායිලන්තයේ උතුරු දිග ගුහාවක සිරවූ ළමුන් පිරිසක් බේරා ගැනීමේ දැවැන්ත මෙහෙයුමට සහභාගී වූ තායි නාවික හමුදා භටයෙකු එම මෙහෙයුමේදී සිදුවූ ආසාදනයක් හේතුවෙන් මියගොස් ඇතැයි වාර්තා වේ. 28 December 2019
ඉරානය - චීනය - රුසියාව නාවික යුද අභ්‍යාස අරඹයි ඉරානය, චීනය සහ රුසියාව ඉන්දීය සාගරයේදී සහ ඕමාන බොක්කේදී සිවුදින නාවික යුද අභ්‍යාස ආරම්භ කළේය. 28 December 2019
චීන නෞකාවක් තායිවාන සමුද්‍ර සන්ධිය දෙසට දියත් කරයි චීනය එරට නිෂ්පාදිත ගුවන් යානා රැගෙන යා හැකි පළමු නෞකාව තායිවාන සමුද්‍ර සන්ධිය දෙසට දියත් කළ අතර එය තායිවානයේ නොසතුටට හේතු වී තිබේ. 27 December 2019
ගුවන් ප්‍රහාර හේතුවෙන් සිරියාවේ 230000 පිරිසක් පලායති ගුවන් ප්‍රහාර සහ ෂෙල් වෙඩි ප්‍රහාර හේතුවෙන් මෙම මාසය තුළ සිරියාවේ වයඹ දිග පෙදෙස් වලින් 230000 ක පමණ පිරිසක් පලාගොස් ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි. 27 December 2019
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026