තුර්කිය සහ රුසියාව අතර ඇති වී තිබෙන උද්වේගකර තත්ත්වය නිසා සිරියානු අර්බුදය උග්‍ර වනු ඇතැයි එක්සත් ජාතීන්ගේ සිරියානු නියෝජිතයා අද (19) අනතුරු ඇඟවීය.
සිරියානු සිවිල් යුද්ධය වසර නවයක් තිස්සේ දිග්ගැස්සෙමින් තිබෙන අතර පසුගිය දින කිහිපයේදී තුර්කිය සහ රුසියාව එකිනෙකාට අනතුරු ඇඟවූහ.
තුර්කිය සහ රුසියාව සිරියානු සිවිල් යුද්ධයේ ප්‍රධාන පාර්ශවකරුවෝය. රුසියාව සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද්ට සහාය දක්වන අතර තුර්කිය සිරියාවේ ආණ්ඩු විරෝධී සටන්කාමීන්ට සහාය දක්වයි.
පසුගිය දින කිහිපයේදී තුර්කි සහ රුසියානු දූත පිරිස් අඛණ්ඩව මුණ ගැසී සාකච්ඡා පැවැත්වූ නමුත් දෙපාර්ශ්වය අතර කිසිදු අවබෝධතාවක් හෝ එකඟතාවක් ඇති කරගෙන නැතැයි ගයි පෙදෙර්සන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයට දැනුම් දුන්නේය.
‘‘තුර්කිය සහ රුසියාව විවිධ ස්ථානවලදී එකිනෙකට පරස්පර සහ විරුද්ධ ප්‍රකාශ කරනවා. ප්‍රසිද්ධියේ අනතුරු ඇඟවීම් කරනවා. සිරියාවේදීත් ජාත්‍යන්තරයේදීත් ඔවුන් එකිනෙකාට අනතුරු අඟවනවා. මේ නිසා සිරියානු අර්බුදය උග්‍ර වීමේ දැඩි අවදානමක් තිබෙනවා’’ යැයි ද හෙතෙම කීය.
ඒ.එෆ්.පී
055
2025 නොවැම්බර් මස 04
747
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2403
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1757
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
තුර්කි - රුසියානු අර්බුදය සිරියානු සිවිල් යුද්ධයට බලපෑමක්