බටහිර අප්‍රිකානු රටක් වන නයිජර් රාජ්‍යයේ ගිනිකොන දිග ප්‍රදේශයේ සරණාගත කඳවුරක ආහාර ඇතුලු ආධාර බෙදා දීමක දී සිදුවූ කලබලයක් හේතුවෙන් 20 දෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ.
ඩිෆා නගරයේ රැඳී සිටි නයිජීරියානු සරණාගතයින් පිරිසක් මෙලෙස මියගොස් ඇති අතර සිදුවූ අනතුරු වලින් 10දෙනකු පමණ තුවාල ලබා ඇත.
උදෑසන මෙම කඳවුරේ දොරටු විවර කළ අවස්ථාවේ ආධාර ලබා ගැනීම සඳහා ජනතාව පොරකමින් දිව ආ බව පොලිසිය පවසයි.
නයිජීරියාවේ බෝර්නෝ ප්‍රාන්තයේ ආණ්ඩුකාරවරයා ප්‍රදේශයේ සරණාගත කඳවුරු වෙත ආධාර බෙදමින් පැමිණෙද්දී මෙම කලබලය සිදුවී ඇතැයි පැවසේ.
නයිජීරියාවේ ඊසාන දිග බෝකෝ හරාම් ත්‍රස්ත ක්‍රියා හේතුවෙන් අවතැන්වූ 120 000ක පමණ පිරිසක් මෙම කලාපයේ වෙසෙති.
(බීබීසී ඇසුරිණි - 085)
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
නයිජර් රාජ්‍යයේ සරණාගත කඳවුරක සිදුවූ කලබලයකින් 20 ක් මරුට