IMG-LOGO

2025 ජුනි මස 08 වන ඉරිදා


නයිජිරියාවේ කට්සිනා ප්‍රාන්තයට එල්ල වූ ප්‍රහාරයකින් 30 කට අධික පිරිසක් මරුට

නයිජීරියාවේ වයඹ දිග කට්සිනා ප්‍රාන්තයේ ගම්මාන දෙකකට එල්ලවූ ප්‍රහාරයකින් 30දෙනකුට වැඩිපිරිසක් මියගොස් ඇත.

යතුරුපැදි වලින් පැමිණි සන්නද්ධ කල්ලියක් විසින් මෙම ප්‍රහාර එල්ල කර ඇති බව මූලික පරීක්ෂණ වලින් හෙළවී ඇතැයි නයිජීරියානු පොලිසිය පවසයි.

 මියගිය අය අතරින් 21දෙනකු පිළිස්සුම් තුවාල හේතුවෙන් මියගොස් ඇති අතර නව දෙනකු වෙඩි තබා ඝාතනය කර තිබේ.
 
ගම්මාන වල ආරක්ෂාවට පොලිස් හා හමුදා කණ්ඩායම් යොදවා ඇති බවත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පුළුල් මෙහෙයුමක් දියත් කර ඇති බවත් පොලිසිය වැඩිදුරටත් පවසයි. පැහැරගැනීම් සහ මංකොල්ලකෑම් සමඟ නයිජීරියාවේ ප්‍රචණ්ඩත්වයෙන් මියයන සංඛ්‍යාව දිනෙන් දින ඉහල යමින් පවතින බව මාධ්‍ය වාර්තා කර ඇත. 
 
ඊසාන දිග බෝර්නෝ පළාතේදී පසුගිය පෙබරවාරි 09වනදා බෝකෝහරාම් ත්‍රස්තයන් විසින් පුද්ගලයන් 30දෙනකු ඝාතනය කළ බවට වාර්තා විය.
 
ඊසාන දිග ඉස්ලාමීය කැරළි, මධ්‍යම ප්‍රාන්ත වල ගැටුම් සහ ගිණිකොන දෙසින් නයිජර් ඩෙල්ටාවේ සටන්කාමී කණ්ඩායම් වල ක්‍රියාකාරකම් ඇතුළුව නයිජීරියාව ගැටුම් රාශියකට මුහුණ දී තිබේ.
 
 (රොයිටර් පුවත් ඇසුරිණි - 085)



අදහස් (0)

නයිජිරියාවේ කට්සිනා ප්‍රාන්තයට එල්ල වූ ප්‍රහාරයකින් 30 කට අධික පිරිසක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 505 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 324 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 476 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site