
චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙන් ව්‍යාප්ත වීමට පටන් ගත් මාරාන්තික කොරෝනා වයිරසයෙන් මියගිය සහ රෝගී වූ සියලු දෙනා වෙනුවෙන් යාඥා කරන බව අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමෝ ප්‍රකාශ කළහ.
මාරාන්තික කොරෝනා වයිරසයෙන් මියගිය සංඛ්‍යාව මේ වනවිට 1,300 ඉක්මවා ගොස් ඇත.
‘‘මේ ක්‍රෑර රෝගයෙන් පීඩා විඳින අපේ චීන සහෝදර සහෝදරියන් වෙනුවෙන් අපි අද යාඥා කරනවා’’ යැයි පාප්තුමෝ කීහ.
‘‘ඔවුන් ඉක්මනින් නිරෝගී වීමේ මාර්ගය සොයාගනිවී’’ යැයි ද වතිකානයේදී සතිපතා පැවැත්වෙන දේව මෙහෙයට එක්වෙමින් පාප්තුමෝ පැවැසූහ.
ලෝක සෞඛ්‍ය සංවිධානය නව කොරෝනා වයිරසය ‘කොවිඩ්-19’ යනුවෙන් නම් කරන ලද අතර මේ මාරාන්තික කොරෝනා වයිරසය ආසාදනය වූ සංඛ්‍යාව 60,000 ඉක්මවා ගොස් ඇත.
කොරෝනා වයිරසයට ගොදුරු වූ බොහෝ දෙනා වයස අවුරුදු 60ට වැඩි හෝ දැනටමත් විවිධ සෞඛ්‍ය ගැටලුවලින් පීඩා විඳින හෝ දුර්වල අය වෙති.
(ඒ.එෆ්.පී)
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වයස අවුරුදු 60ට වැඩි හෝ දැනටමත් විවිධ සෞඛ්‍ය ගැටලුවලින් පීඩා විඳින හෝ දුර්වල අයවලුන් ඉලක්ක කරගෙන කූට කුමන්ත්‍රණයක් විදියට වයිරසය එළිදැක්කා වෙන්න බැරිද?
යාච්ඥා කර කර ඉන්න වෙලාවක් නැහැ.