ඩිමොක්‍රටික් පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා තෝරාගැනීමේ සටනේ මැන්චෙස්ටර්හි නිව් හැම්ප්ෂයර්හි පැවැති ඡන්ද විමසීමෙන් ජය ලැබීමට බර්නි සැන්ඩර්ස් සමත්ව ඇත.
ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපතිවරණය මේ වසරේදී පැවැත්වීමට නියමිතය. ඒ සඳහා ඩිමොක්රැටික් පක්ෂයේ අපේක්ෂකයා තෝරාගැනීමේ ඡන්ද විමසීම මේ දිනවල පැවැත්වේ.
මැන්චෙස්ටර්හි නිව් හැම්ප්ෂයර්හි පැවැති ඡන්ද විමසීමෙන් මධ්‍යස්ථ මතධාරී ජෝ බයිඩන්ට හිමිවූයේ පස්වැනි තැනය. එය ඔහු ලැබූ විශාල පරාජයක් යැයි ද දේශපාලන විචාරකයෝ පෙන්වාදෙති.
ඡන්ද විමසීමෙන් දෙවැනි තැන දිනාගැනීමට ඉන්දියානා ප්‍රාන්තයේ ‘සවුත් බෙන්ඩ්’ නගරයේ හිටපු නගරාධිපති පීටර් බුටිජෙජ් සමත්විය. හෙතෙම පසුගිය සතියේ අයෝවාහි පැවැති ඡන්ද විමසීමෙන් ජයග්‍රහණය ලැබීමට ද සමත්විය.
මැන්චෙස්ටර්හි නිව් හැම්ප්ෂයර්හි ඡන්ද විමසීමේදී බර්නි සැන්ඩර්ස් සහ පීටර් බුටිජෙජ් අතර සමීප සටනක් පැවැතුණි.
රොයිටර්ස්
055
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
බර්නි සැන්ඩර්ස් ඩිමොක්‍රටික් ජනපති සටනේ ඉදිරියට