ආසියාවෙන් පිටත සිදු වූ පළමු කොරෝනා වයිරස මරණය ප්‍රංශයෙන් වාර්තා වී ඇත.
මෙසේ මරණයට පත්ව ඇත්තේ චීනයේ සිට ජනවාර් 16 වැනිදා ප්‍රංශයට පැමිණි සංචාරක කාන්තාවකි.
80 හැවිරිදි මෙම කාන්තාව චීනයේ හුබෙයි පළාතේ සිට පැමිණ ඇති බව ප්‍රංශ සෞඛ්‍ය අමාත්‍ය ඇග්නස් බුසින් පවසයි.
මියගිය කාන්තාවගේ දියණියටද රෝගය ආසාදනය වී ඇති බව බුසීන් මහත්මිය පැවසුවාය. නමුත් ඇය සුවය ලබනු ඇතැයි විශ්වාස කෙරේ.
සෞඛ්‍ය අංශ පවසන්නේ ප්‍රංශයේ මේ වන විට තහවුරු කරගත් කොරෝනා වයිරස රෝගීන් 11දෙනකු සිටින බවයි.
මෙම මරණයත් සමඟ චීනයෙන් පිටත කොරෝනා වයිරස ආසාදිත මරණ සංඛ්‍යාව හතරක් දක්වා ඉහළ ගොස් තිබේ.
මින් පෙර හොංකොං, පිලිපීනය සහ ජපානයෙන් මරණ එක බැගින් වාර්තා විය.
චීනය හැර ලොවපුරා රටවල් 24ක රෝගීන් 500ක් මේ වන විට වාර්තා වී තිබේ.
(බීබීසී ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd