IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


‘‘ඉන්දියාව ඇමරිකාවට සැලකුවේ නැති වුවත් මෝදිට කැමතියි‘‘

ඉන්දියාව, ඇමෙරිකා එක්සත් ජනපදයට හොඳින් සැලකුවේ නැති වුවත් තමන් අග්‍රාමාත්‍ය මෝදිට විශේෂ කැමැත්තක් දක්වන්නේ යැයි ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ධවල මන්දිරයේදී පැවැසීය.

ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ලබන සතියේ දෙදින නිල සංචාරයක් සඳහා ඉන්දියාවට පැමිණීමට නියමිතය. හෙතෙම ඉන්දියාවේ නිල සංචාරයක නිරත වන්නේ පළමු වරටය.

මේ අනුව ඇමෙරිකානු ජනාධිපතිවරයා පෙබරවාරි 24 සහ 25 ඉන්දියාවේ සංචාරය කරන අතර එහිදි ද්විපාර්ශ්වීය වෙළෙඳ ගිවිසුමක් සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීමට නියමිත බව ද වාර්තා වේ.

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය වන ඉන්දියාව ආසියාවේ න්‍යෂ්ටික බලවතුන් දෙදෙනාගෙන් කෙනෙකි.

‘‘අපිට ඉන්දියාව සමඟ වෙළෙඳ ගිවිසුමකට එක්වෙන්න පුළුවන්. එහෙත් මං විශාලතම ගිවිසුම පස්සට තියාගන්නවා’’ යැයි කැලිෆෝනියාවේ සංචාරයක නිරත වීමට පෙර ඇමෙරිකානු ජනාධිපතිවරයා ධවල මන්දිරයේදී මාධ්‍යවේදීන් විමසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් පැවැසීය.

වෙළෙඳාම සම්බන්ධයෙන් ඇති වූ මතභේදාත්මක කරුණු හේතුවෙන් පසුගිය කාලයේදී ඉන්දු-ඇමෙරිකා සබඳතා පළුදු විය.

ඇමෙරිකා එක්සත් ජනපදය සංවර්ධනය වෙමින් පවතින රටවලට තීරුබදු සහන ලබා දෙන අතර එම වැඩසටහන යටතේ ඉන්දීය අපනයනවලට ද බදු සහන ලබා දී තිබිණි. එම වැඩසටහනෙන් ඉන්දියාව ඉවත් කිරීමට ජනාධිපති ට්‍රම්ප් පසුගිය වසරේදී පියවර ගත්තේය.

එයින් පසු දෙරටේ බලධාරීහු මධ්‍යස්ථ වෙළෙඳ ගිවිසුමකට එළැඹීමට දැඩි වෙහෙසක් ගත්හ. ඉන්දියාවට බදු සහන ලබාදීමට නම් ඉන්දියාව ඔවුන්ගේ වෙළෙඳපොළ ඇමෙරිකානු කෘෂිකාර්මික නිෂ්පාදන සහ වෛද්‍ය උපකරණවලට විවෘත කළ යැයි ඇමෙරිකාව අවධාරණය කළේය.

පසුගිය දින කිහිපයේ පැවැති සාකච්ඡා ප්‍රගතියක් පෙන්නුම් කරන බවත් ජනාධිපතිවරයාගේ ඉන්දීය සංචාරයේදී වෙළෙඳ ගිවිසුම සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරනු ඇතැයි අපේක්ෂා කරන බවත් සාකච්ඡාවලට සම්බන්ධ පිරිස් කීහ.

ඇමෙරිකාවේ වෙළෙඳ නියෝජිත රොබට් ලයිතයිසර් ඉන්දියාවේ සංචාරය කිරීමට නියමිතව තිබූ අතර එහෙත් පසුගිය සතියේදී එම සංචාරය අවලංගු කෙරුණි. ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි පසුගිය සැප්තැම්බර් මාසයේදී ඇමෙරිකාවේ සංචාරය කළ අතර එම සංචාරයට ද පෙර මේ අයුරින් ඇමෙරිකානු වෙළෙඳ නියෝජිත පිරිසක් ඉන්දියාවේ සංචාරය කිරීමට නියමිතව තිබී එය අවලංගු කෙරුණි.

කෙසේ නමුත් ඉන්දියාව සමඟ ගිවිසුමකට එළැඹීමට සූදානම් වන බව ඩොනල්ඩ් ට්‍රම්ප් පැවැසීය.

‘‘ඉන්දියාව සමඟ විශාල වෙළෙඳ ගිවිසුමකට එළැඹෙනවා. එත් ඒක ජනාධිපතිවරණයට කලින් පුළුවන් වේවිද කියලා මං දන්නේ නැහැ’’ යැයි ට්‍රම්ප් ඊයේ (18) පැවැසීය.

‘‘ඉන්දියාව අපට හොඳින් සැලකුවේ නැහැ. ඒත් මං අගමැති මෝදිට ගොඩක් කැමැතියි’’ යැයි ද ඇමෙරිකානු ජනාධිපතිවරයා එහිදි කීවේය.

එන්.ඩී.ටීවී

055



අදහස් (2)

‘‘ඉන්දියාව ඇමරිකාවට සැලකුවේ නැති වුවත් මෝදිට කැමතියි‘‘

රවින් Wednesday, 19 February 2020 06:04 PM

බටර් කවන්නයි වගේ හදන්නේ. ඉන්දියාවේ භාවිතා කරන්නේ "ගී" කියලා පොඩ්ඩක් මතක් කරොත් හොඳයි.

:       0       4

Kumar Wednesday, 19 February 2020 06:24 PM

ඉන්දියාව ලංකාවට පෙනෙන්න අකමැති බව පෙන්නුවට. මෙරට ඉන්න ඉන්දියානුවන් ට්‍රම්ප්ට හරි කැමතියි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 747 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2403 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1757 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site