දෝනි ඉන්දීය හමුදා ඇඳුමින් කාශ්මීර නිම්නයේ මුර සංචාරයක ඉන්දීය දේශසීමා හමුදාවේ ගෞරවාන්විත ලුතිනන් කර්නල්වරයකු වන එරට ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මහේන්ද්‍ර සිං දෝනි හමුදා නිල ඇඳුමින් කාශ්මීර නිම්නයේ මුර සංචාරවල යෙදුණු බව ඒ.එන්.අයි. පුවත් සේවය වාර්තා කරයි. 25 July 2019
‘‘රටේ යහපත වෙනුවෙන් වෙනස්කම් රැසක් සිදුකරනවා‘‘ රටේ යහපත වෙනුවෙන් වෙනස්කම් රැසක් සිදුකරන බව බ්‍රිතාන්‍යයේ නව අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් මහතා අද (24) ප්‍රකාශ කළේය. 25 July 2019
ඇමෙරිකා - චීන වෙළඳ සාකච්ඡා යළි ඇරඹේ වසරකට වැඩි කාලයක් මුළුල්ලේ පවතින වෙළෙඳ අර්බුදය නිමා කිරීමේ අරමුණින් ඇමෙරිකානු හා චීන නිලධාරීන් අතර සාකච්ඡා ලබන සතියේදී ආරම්භ වන ඇමෙරිකා එක්සත් ජනපදයේ භාණ්ඩාගාර ලේකම් ස්ටීවන් මනුචින් මහතා අද (24) ප්‍රකාශ කළේය. 24 July 2019
ඉන්දියාවේ පතලක නායයෑමකින් 4 ක් මරුට ඉන්දියාවේ නැගෙනහිර ඔඩිෂා ප්‍රාන්තයේ ගල්අඟුරු පතලක සිදුවූ නායයෑමකින් සේවකයින් සිව්දෙනකු මියගොස් නවදෙනකු තුවාල ලබා ඇත. 24 July 2019
බොරිස් ජොන්සන් කන්සවටිව් පක්ෂයේ නායකත්වයට බ්‍රිතාන්‍යයේ පාලක පක්ෂය වන කන්සවටිව් පක්ෂයේ නායකයා ලෙස එරට හිටපු විදේශ අමාත්‍ය බොරිස් ජොන්සන් අද (23) තේරී පත්විය. 23 July 2019
කිලෝ 8800ක ඇත්දළ තොගයක් සිංගප්පූරුවේදී අත්අඩංගුවට සිංගප්පූරු බලධාරීන් විසින් කිලෝග්‍රෑම් 8800ක ඇත්දළ තොගයක් අත්අඩංගුවට ගෙන ඇත. ඩොලර් මිලියන 12.8ක් පමණ වටිනා මෙය සිංගප්පූරුවේදී සොයාගත් විශාලම ඇත්දළ තොගය බව පැවසේ. 23 July 2019
රුසියානු යානා වලට අනතුරු ඇඟවීමේ වෙඩි ප්‍රහාරයක් තම ගුවන් සීමාවට පැමිණි රුසියානු පිරික්සුම් යානාවලට අනතුරු ඇඟවීමේ වෙඩි ප්‍රහාර නිකුත් කළ බව දකුණු කොරියාව පවසයි. 23 July 2019
ට්‍රම්ප් ඉන්දු - පාකිස්තාන අර්බුදය විසඳන්න සූදානම් කාශ්මීරය සම්බන්ධයෙන් දශක ගණනාවක් මුළුල්ලේ ඉන්දියාව සහ පාකිස්තානය අතර තිබෙන අර්බුදය විසඳීම සඳහා මැදිහත්කරුවකු වීමට සූදානම් යැයි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් අද (22) පැවැසීය. 22 July 2019
ඉන්දියාවේ කුඩා ව්‍යාපාර වලට ණය දෙන්න විදෙස් ණය දෙන්නන් සමඟ සාකච්ඡා කුඩා ව්‍යාපාර සඳහා ණය ලබාදීමේ අරමුණින් ඉන්දියාව විදෙස් ණය දෙන්නන් සමඟ සාකච්ඡා කරමින් සිටින බව එරට නිලධාරීහු දෙදෙනක් අද (22) ප්‍රකාශ කළහ. 22 July 2019
ඇමෙරිකාවේ මැතිවරණවල ආරක්ෂාව ගැන වෙනම ඒකකයක් ඇමෙරිකා එක්සත් ජනපදයේ මැතිවරණවල ආරක්ෂාව සම්බන්ධයෙන් පමණක් අවධානය යොමු කිරීමේ අරමුණින් වෙනම ඒකකයක් ස්ථාපිත කරන බව එරට ජාතික බුද්ධි ඒකකයේ අධ්යක්ෂ ඩෑන් කෝට්ස් මහතා පැවසීය. 22 July 2019
භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් කොල්ලකරුවන්ගේ ප්‍රහාරයකට ලක්වෙයි සිංගප්පූරු සමුද්‍ර සන්ධියේ දී දකුණු කොරියානු ධජය යටතේ යාත්‍රා කළ භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් මුහුදු කොල්ලකරුවන් පිරිසකගේ ප්‍රහාරයට ලක්ව ඇතැයි දකුණු කොරියානු යොනැප් ප්රවෘත්ති ඒජන්සිය පවසයි. 22 July 2019
ඉතියෝපියාවේ ගැටුමකින් 4ක් මරුට ඉතියෝපියානු ආරක්ෂක හමුදා සහ විරෝධතාකරුවන් පිරිසක් අතර ඇතිවූ ගැටුමකදී පුද්ගලයින් 4දනෛකු වෙඩි වැදී මියගොස් ඇතැයි වාර්තා වේ. 20 July 2019
කාබුල් සරසවිය ඉදිරිපිට පිපිරුමකින් අටක් මරුට ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවර කාබුල් සරසවිය ඉදිරිපිට සිදුවූ පිපිරීමකින් අට දෙනෙක් පමණ මියගොස් 33 දෙනෙක් තුවාල ලබා ඇත.සිසුන් විභාගයක් සඳහා සරසවිය වෙත පැමිණෙමින් සිටි අවස්ථාවේ ප්‍රහාරය එල්ලවී ඇත. 19 July 2019
ඉරාන ඩ්‍රෝන යානයකට වෙඩි තැබූ බව ඇමරිකාව කියයි ඉරානයට අයත් ඩ්‍රෝන යානාවක් හෝම්ස් සමුද්‍ර සන්ධියේ දී ප්‍රහාර එල්ල කර බිම හෙළු බව ඇමෙරිකා ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා පවසයි. 19 July 2019
“ෆේස්ඇප්” මෘදුකාංගය ගැන විමර්ශනයක් පවත්වැන්නැයි ඇමෙරිකාවෙන් ඉල්ලීමක් සමාජ මාධ්‍යවල මේ දිනවල වේගයෙන් ප්‍රචලිත වී තිබෙන රුසියාවේ නිෂ්පාදිත “ෆේස්ඇප්” මෘදුකාංගය සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වැන්නැයි ඇමෙරිකා එක්සත් ජනපද සෙනට් සභික සුළුතර කණ්ඩායමේ නායක චක් ෂූමර් අවධාරණය කර ඉල්ලීය. 19 July 2019
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් නගරයේ බෝම්බ පිපිරීම් දෙකකින් 12 ක් මරුට ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් නගරයේ බෝම්බ පිපිරීම් දෙකක් හේතුවෙන් 12 දෙනෙක් මියගොස් බොහෝ පිරිස් තුවාල ලබා ඇත. 18 July 2019
ජපානයේ ගොඩනැගිල්ලක ඇති වූ ගින්නකින් 33 ක් මරුට ජපානයේ කියතෝ හි පිහිටි සජීවීකරණ නිෂ්පාදන සමාගමකට අයත් ගොඩනැගිල්ලක අද (18) ඇති වූ ගින්නකින් 33 දෙනකු මියගොස් තවත් පිරිසක් තුවාල ලැබූහ. 18 July 2019
මරණ දඬුවම අත්හිටුවන ලෙස යුරෝපා සංගමය නැවත වරක් ඉල්ලයි ශ්‍රී ලංකාව තුළ මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම ඉදිරියටත් අත්හිටුවන ලෙසත් අනාගතයේදී ද මරණ දඬුවම ලබා නොදීම සඳහා පියවර ගන්නා ලෙසත් යුරෝපා සංගමය සහ එම සංගමයේ සාමාජික රටවල තානාපතිවරු නැවත වරක් ඉල්ලා සිටිති. 18 July 2019
ඉරාකයේදී තුර්කි රාජ්‍ය තාන්ත්‍රිකයෙකු ඝාතනය කෙරේ ඉරාකයේ කුර්දිස්ථාන් කලාපයේ අගනුවර වන අර්බිල්හිදී තුර්කි රාජ්‍ය තාන්ත්‍රිකයෙකු ඇතුළු තිදෙනකු ඝාතනය කර ඇත. 17 July 2019
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව පටන් ගත් යුද්ධය අවසානය දක්වා ගෙන යනවා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව තමන් පටන් ගත් යුද්ධය අවසානය දක්වාම ගෙන යන බව පිලිපීන ජනාධිපති රොද්‍රිගෝ ඩුටාර්ටේ මහතා අද (17) පැවැසීය. 17 July 2019
මුම්බායි ප්‍රහාරයේ මහ මොළකරු අත්අඩංගුවට ඉන්දියාවේ මුම්බායි නුවර එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයේ මහ මොළකරු වන හෆීස් සයීද් අත්අඩංගුවට ගත්බව පාකිස්තාන බලධාරීහු අද (17) ප්‍රකාශ කළහ. 17 July 2019
සුඩාන දේශ සීමාවේදී එක්සත් ජාතීන්ගේ සාම සාධක භටයෙක් ඝාතනය කරයි සුඩානය සහ දකුණු සුඩානය අතර දේශ සීමාවේදී එක්සත් ජාතීන්ගේ සාම සාධක භටයෙක් සහ සිවිල් වැසියන් හයදෙනෙක් ඝාතනය කර ඇතැයි වාර්තා වේ. 17 July 2019
සුඩානයේ හමුදා පාලක කවුන්සිලය හා විපක්ෂ සන්ධානය දේශපාලන ගිවිසුමක රට ප්රජාතන්ත්රවාදයට ගෙන යාමේ අරමුණ ඇතිව සුඩානයේ හමුදා පාලක කවුන්සිලය සහ විපක්ෂ සන්ධානය අද (17) දේශපාලන ගිවිසුමකට අත්සන් තැබුහ. 17 July 2019
ජල ගැලීම් නිසා දකුණු ආසියාවේ මිලියන ගණනක් අවතැන් දකුණු ආසියානු කලාපයට බලපා ඇති මෝසම් වැසි හේතුවෙන් මිලියන ගණනක් අවතැන් වී 180කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි බලධාරීහු කියති. 16 July 2019
මුහුදු කොල්ලකරුවෝ තුර්කි නැවියන් පැහැර ගනිති නයිජීරියාවට නුදුරින් මුහුදේ යාත්‍රාකළ නෞකාවක සිටි තුර්කි නැවියන් 10 දෙනෙක් ආයුධ සන්නද්ධ මුහුදු කොල්ලකරුවන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇත. 16 July 2019
කැනඩාවේ සී ප්ලෙන් යානයක් කඩාවැටී තිදෙනෙක් මරුට කැනඩාවේ ඊසානදිග ප්‍රදේශයේදී සී ප්ලේන් වර්ගයේ ගුවන් යානාවක් අනතුරට ලක්වීමෙන් තිදෙනකු මියගොස් හතරදෙනකු අතුරුදන්ව ඇත. 16 July 2019
මුම්බායි හි ගොඩනැගිල්ලක් කඩා වැටී 30 ක් සුන්බුන් අතර සිරවෙති ඉන්දියාවේ මුම්බායි නගරයේ ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් දෙදෙනකු මියගොස් ඇති අතර 30 දෙනෙකු පමණ මේ වනවිටත් කඩාවැටුණු සුන්බුන් අතර සිරවී ඇතැයි වාර්තා වේ. 16 July 2019
වසා දැමූ ගුවන් සීමාව පාකිස්තානය අද විවෘත කරයි ඉන්දියාව සමඟ ඇති වූ අර්බුදකාරී තත්ත්වයෙන් පසු වසා දැමුණු ගුවන් සීමාව සම්පූර්ණයෙන් විවෘත කිරීමට පාකිස්තානය අද (16) පියවර ගත්තේය. 16 July 2019
’’චන්ද්‍රයාන් 2’’ යානය පිටත්වීම කල්දමයි ඉන්දියාව විසින් අද (15) ගුවන්ගත කිරීමට නියමිතව තිබූ ’’චන්ද්‍රයාන් 2’’ යානයේ පිටත්වීම තාක්ෂණික දෝෂයක් හේතුවෙන් කල්දමා ඇතැයි වාර්තා වේ. 15 July 2019
ස්වීඩනයේ ගුවන් යානා අනතුරකින් 9ක් මරුට ස්වීඩනයේ උතුරු දිග උමීයා නගරය ආසන්නයේ සිදුවූ ගුවන් යානා අනතුරකින් නවදෙනකු මියගොස් ඇත. 15 July 2019
ඒහිපස්සිකෝ සාම පා ගමන 21 ඇරැඹෙයි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ’’Walk For Peace’’ සාම පාගමන වැඩසටහන ලබන 21 සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත... 16 April 2026