කොරෝනා වෛරසයෙන් උද්ගත වූ තත්ත්වය හමුවේ අත්හිටවූ චීනයේ ව්‍යාපාරික කටයුතු අද යළි  අරඹා තිබේ.

වෛරසයේ බලපෑමත් සමඟ ෂැංහයි ඇතුළු ප්‍රධාන නගරවල ව්‍යාපාරික ආයතන සිය සේවකයින්ට නව වසරට ලබාදුන් නිවාඩුව තවත් සතියකින් දීර්ඝ කළේය.

ඒ අනුව චීනයේ ව්‍යාපාරික කටයුතුවල මන්දගාමී තත්ත්වයක් පසුගිය දිනවල දක්නට ලැබුණි.

සෞඛ්‍ය බලධාරීන්ගේ අනුමැතියෙන් තොරව ඇතැම් ප්‍රදේශවල ව්‍යාපාරික ආයතන යළි විවෘත කිරීමට අවස්ථාව හිමි නොවේ.

සිය නිවෙස්වල සිට සේවා කටයුතුවල නිරත වන්නැයි ඇතැම් ආයතන සේවකයින්ට දැනුම් දී තිබේ.


පවතින තත්ත්වය හමුවේ සේවයේ නිරත විය යුතු කාල සීමාව අඩු කිරීමට ද ඇතැම් ආයතන පියවර ගෙන ඇත. 
 
 -226-
 
(එන්.එච්.කේ. ඇසුරෙනි)